Sunday, January 11, 2009

මංගල සමරවීර සහ මොංගල් දේශපාලනය

පසුගිය කාලයේ මංගල සමරවීර මන්ත්‍රීතුමාගේ භූමිකාව නිරීක්ශනය කලාම හිතෙන්නෙ වියරු වැටුනු හනුමන්තගෙ කතාවයි. වෙලාවකට පුදුම හිතෙනවා මෙ එදා UNP ආන්ඩුව එලවන්න තමන්ගෙ සම්පූර්ණ ශක්තිය යොදල වැඩ කරපු ඒ මංගල සමරවීරමද කියලත්. මංගල අද එකතුවෙලා ඉන්න සහචරයො ටික දැක්කම මට නම් හිතාගන්න බෑ මේ මනුස්සයා මාතර දිස්ත්‍රික්කයෙ සිංහලයින්ගෙ ඡන්ද වලින් පාර්ලිමෙන්තුවට ගියපු ඒ මංගල සමරවීරම ද කියලා.
ඕනම මනුස්සයකුට දේශපාලනයෙදි හෝ තමන් නිරතව සිටින ක්ශේත්‍රයෙදි ප්‍රශ්න ඇතිවෙන එක සාධාරනයි. නමුත් ඒ ප්‍රශ්නවලදි හරි තීන්දු නොගෙන තමන්ගෙම නහය කපා ගන්නවා වගෙ වැඩක් තමයි මංගල කලෙත්. මංගල අද තමන්ගෙ සම්පූර්න උත්සාහය යොදන්නෙ මහින්ද ගෙ ආන්ඩුව පෙරලන්න කියල සරලව හිතුවොත් වැරදියි. ඔහු අද තමන්වත් නිවැරදිව වටහා නොගෙන මේ කරන්නෙ තමන් උපන් රටට ජාතියට ද්‍රෝහී වීමයි. එදා 2004 මහ මැතිවරනයෙදි මාතර ජනතාව තමන්ගෙ ගමට නගරයට අති මහත් සේවාවක් කරපු මංගල සමරවීර ලක්ශයකට වඩා මනාප සහිතව දිනෙව්වෙ මේ වගෙ තැනකට යන්න නෙවි.
කාගෙනුත් කුඩම්මගෙ සැලකිල්ල ලැබුනු මාතර පුරවරය හදල ගත්තෙ මංගල බවත් ඔහුට ඒ ගෞරවය අනිවාර්යෙන්ම හිමිවියයුතු බවත් ඇත්ත. නමුත් ඒ සියලුම සේවාවන් යටපත් වෙලා මංගලගෙ ජාති ද්‍රෝහීත්වය ඉහලින්ම කැපිලා පේන්න පටන් අරගෙන තියනවා. ඒක සාදාරණයි.
සිරිතුංග ජයසූරිය, මනෝ ගනේශන් වගෙ තමන්ගෙ මුලු ජීවිතයම කොටින්ට කඩේ යන, කොටි ත්‍රස්තයින්ගෙ මිනීමරු ත්‍රස්තවාදය සාධාරනීකරණය කරන ත්‍රී වීල් පක්ශ එක්ක මංගල එකතු වෙලා ඉන්නව දැක්කම පුදුම හිතෙනවා.
සමහරුන් නම් කියන්නෙ මංගල තවලම් සුදු නෙලුම් කරෙ තියගෙන ජය සිකුරු මෙහෙයුම අවදියෙදිත් කලෙ මේ ටිකම තමයි කියලා. එත් මංගල UNP එක කොටින්ට වරදාන දෙමින් ගිය ගමන ආපසු හරවන්න ලොකු සේවාවක් කලා කියන එක අමතක කරන්න බෑ.
මංගල සමරවීර ජනතාව අතරෙ හිටපු නායකයෙක් විදියට තමන්ගෙ රටට මේ කරන වැරැද්ද වහාම තේරුම් ගත යුතුයි. වෛරී දේශපාලනයෙන් ඉවත්ව කොටියා බිම වටිලා හතරගාතෙන් ඉන්න අවස්ථාවෙ තමන්ගෙන් රටට විය යුත්තෙ කුමක්දැයි සිතා බැලිය යුතුයි. එහෙම කරල තමන්ගෙ වගකීම නිසියාකරව ඉශ්ට කලොත් ඉදිරි මැතිවරනයකදී 2004 ටත් වඩා වැඩි ඡන්දයෙන් මාතර ජනතාව මංගල දිනවනු ඇත.