Friday, April 12, 2013

සිහිනෙන් ගෑ සුවඳක් වන් මගේ අවුරුදු මතකය


අවුරුද්දට ගමේ ආපු වෙලාවෙ නොදැනීම වගේ මගේ මතකය මීට අවුරුදු 28 කට විතර ඈතට දිවගියා. අද පරපුර අහල දැකල නැති සැබෑ සිංහල අවුරුදු සිරිත් විරිත් ඒ අයුරින්ම සැමරූ අවසාන පරම්පරාවේ මමත් එක් සාමජිකයෙක් කියල මට හිතුනෙ ඒ වගේ වෙලාවක...

අපි ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලේ සහ ඉන් පස්සෙ අවුරුදු  දෙක තුනක් ජීවත් වුනේ මගේ උපන් ගම වුනු මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කර හද්දා පිටිසර අදත් ගැමි ජීවන රටාව නොනැසී පවතින අකුරැස්ස ප්‍රදේශයේ පෝරතොට කියන ගමේ.
ඒ කාලේ සිංහල අවුරුද්ද කියන්නෙ පොඩි අපගේ ලොකුම සතුට. අවුරුදු සමය නිල වශයෙන් පිලිගන්නෙ ගෙදරට නැකත් සීට්ටුව හම්බ වුනාමයි. අද කාලේ නම් ඕනෑම පත්තරයක අවුරුදු සිරිත් විරිත් සදහන් වුනත් එදා අපි හරියටම අවුරුදු නැකැත් වෙලාවන් පිලිගත්තේ නැකත් සීට්ටුවෙන් බලලයි. නැකත් සීට්ටුව ගෙදරට අරගෙන එන කාලේ වෙනකොට අපිට පාසල් නිවාඩුව ලැබිලා. මුලින්ම කරන්නේ අම්මා අපිට අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න අපිව එක්කගෙන ලගම තියන අකුරැස්ස නගරයට යන එක. ඒකත් ලේසි ගමනක් නෙවි. බාග ලොරි බස් එකේ කට කපලා සෙනග. ඔක්කොම අවුරුද්දට රෙදිපිලි, බඩු ගන්න නගරයට යන ගමේ මිනිස්සු.
උදේ ගියාම හවස් වෙනකොට රෙදි අරගෙන ගෙදර එනවා. සෙල්ලම් බඩුවක්, රතිඤ්ඤා පැකට් එකක් (100 රෝලක් රුපියල් 50 ට ගත්තා කියල මට හොදට මතකය්) වරදින්නේ නෑ.
අවුරුද්දට දවස් 3කට විතර කලින් මුලු ගෙදරම සෝදනවා. ඒකත් පුංචි අපි හරිම ආස කරපු වැඩක්. ටැප්, බට මොනවත් නැති අපේ ගෙවල් වල, ලිදෙන් වතුර ගෙනැත් හවස් වෙනකම් ගෙදර ඔක්කොම එකතු වෙලා ගේ බඩු මුට්ටු එලියට අරන් ගේ සෝදනවා.
ඒ අතරේ තාත්තා ගෙදර මිදුලෙ ගස් දෙකක් හරහා ලීයක් දාල ඔන්චිල්ලාවක් හදලා දෙනව. රුකුල් දාල, දෙන්නෙක් එක්ක වුනත් කිසි අවුලක් නැතිව සැලකිය යුතු උසක් අවුරුදු නිවාඩුව ඉවරවෙනකම් පදින්න තරම් සවි ශක්තියක් ඒ ඔංචිල්ලාවට තිබුනා.
ඊලගට කෙරෙන වැදගත්ම වැඩේ තමයි රස කැවිලි පිලියෙළ කිරීම. හැම ගෙදරකින්ම වංගෙඩියෙන් පිටි කොටන සද්දේ ඇහෙනවා. අපේ ගෙදරත් අම්මා, අත්තම්මා ඇතුලු ඔක්කොම එකතු වෙලා පිටි කොටලා, කැවුම්, කොකිස්, අතිරස හදන එක අනිවාර්ය සිදුවීමක්.
වැඩිහිටියන් ඒ විදියට අවුරුද්දට ලකලෑස්ති වෙද්දි පුංචි අපි කරන්නේ අවුරුදු දවසේ හෝ පරන අවුරුදු දවසෙ පවත්වන පුංචි අවුරුදු උත්සවේ තරග සැලසුම් කරන එක. හුගක් වෙලාවට අවුරුදු උත්සවේ තිබුනෙ අපේ ගෙදර මිදුලෙමයි. නෑදෑ පවුල්වල සහෝදරයින් සහ අවට ගෙවල් වල ලමුන් අවුරුදු උත්සවේ තරගකරුවන් වුනා.

අවුරුදු දවසෙ උදෙන්ම අලුත් ඇදුම් ඇදගෙන අසල් වැසි යාලුවො එක්ක සෙල්ලම පටන් ගන්නවා. නොනගතය වෙනකම් සෙල්ලම් කරලා, නොනගතේ වෙලාවට ඔක්කොම ගෙවල් වලට යනවා. නොනගතේ වෙලාවට අපි කලේ ජාතික රූපවාහිනියේ හෝ අයි.ටී.එන් එකේ යන අවුරුදු නාට්ය බලපු එක.
නොනගතයට කලින් ගෙදරට එලියෙන් වෙනම තිබුනු අපේ කුස්සිය අස් කරල වහලා තියන එක සම්ප්‍රදායක්. ආහාර පිසින නැකතට අම්මා කුස්සිය ඇරලා ලිප ගිනි මොලවනවා. හරියටම ආහාර අනුභව නැකතට වෙනකොට අංග සම්පූර්ණ අවුරුදු මේසයක් හදන එක අරමුන වුනා.
ආහාර අනුභව නැකතෙදි තාත්තාගෙ අතින් ගෙදර ඔක්කොටම කිරිබත් පිගානක් ලැබෙනවා. හුගක් වෙලාවට පුංචි අපිට මේ වැඩේ පොඩ්ඩක් පරක්කු වෙන්නේ නැකත් වෙලාවෙ රතිඤ්ඤා පත්තු කරන්න යන නිසයි. ආහාර අනුභවයෙන් පස්සේ තාත්තා අපි ඔක්කොටම බුලත් කොලයක දවටපු කාසියක් හෝ කීපයක් දෙනවා. ඉන් පස්සේ අපේ ගේ අලෙවි කරන චාරිත්‍රය හැමදාම කරන මාමා කෙනෙක් අවුරුද්දේ මුල්ම අමුත්තා විදියට ගෙදරට එනවා. කෑම මේසයේ පලමු අමුත්තා වන්නේ ඔහුයි.
නැකතට වැඩ ඇල්ලීම වෙනුවෙන් පාසල් පොතක් බලන එක අනිවාර්ය සිරිතක් වුනා. ඉන් පස්සේ තාත්තා පොරොන්දු වුනු ගෙවල් කීපයක අලෙවි කිරීම්ට යනවා. අපිත් හුගක් වෙලාවට තාත්තා එක්ක ඒ වැඩේට යන්නෙ පුදුම ආසාවකින්.  අවුරුදු නැකැත් වලින් පස්සේ ප්‍රධාන ආහාර වේල් කලින් කතා කරගත් පරිදි ලග ඉන්න නෑදෑ ගෙවල් වලින් සංවිධානය වුනා. අවුරුදු දවස පුරාම ගෙදර මිදුලෙ වලකජු ගහන එකයි, කැට ගහන එකයි, වල සල්ලි ගහන එකයි නැතිවම බැරි ක්‍රීඩා බවට පත්වුනා.


මෙකී නොකී අනන්තවත් දෙයින් සර්ව සම්පූර්න වුනු අපේ ඒ සිංහල අවුරුද්ද අවුරුදු 28 කට 30 කට පසුව බලන විට මොන තරම් වෙනස් වී ඇද්දැයි සිතේ. නාගරීකරණය වූ සමාජයේ අවුරුදු සිරිතට එදා ලැබුනු සැලකිල්ල ගෞරවය නැතත්, යම් තරමකින් හෝ අපේ දරුවන් වෙනුවෙන් මේ උතුම් සිරිත් ඉදිරියට ගෙනයා යුතු නොවේද? මේ තරගකාරී, නිමක් නැති, මුදල් පසුපස හබායන සමාජයේ හමුවන, ආශ්‍රය කිරීමට සිදුවන සියලු වර්ගයේ මිනිසුන් සමග හොදින් ජීවත් වීමට අපට මග පෙන්වූයෙ එදා ඒ අප සැබැවින් අත්දුටු අපගේ උතුම් සිංහල සංස්කෘතික අංගයන් බව මගේ අදහසයි.

Tuesday, December 27, 2011

සිංහල සංගීතයේ 80-90 දශකය නැවත සොයා යාම

මීට වසරකට පමණ ඉහතදී භාතිය-සන්තුෂ් විසින් "මා හඩවලා" ගීතය ප්‍රතිනිර්මාණය කල විට බොහෝ තරුණ පිරිස් එය භාතිය-සන්තුෂ් දෙපලගේ තවත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක් යැය් සලකා උදම් අනන්නට විය. 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල උපන්, අද දවස පුරා තොර තෝංචියක් නැතුව අපට ඇසෙන නව පන්නයේ සිංහල ගීත රසිකයින් නොදන්නා ඒ අපූරු ගීත 90 දශකයේ නිමවුම්ය.
80 දශකයේ අග එතෙක් සිංහල සංගීතය ගමන් කල සාම්ප්‍රදායික රටාව වෙනස් කල සිදුවීමක් විය. ඒ රූකාන්ත ගුණතිලක ආගමනයය්. රූකාන්ත එතෙක් පැවතුනු සංගීත රටාව උඩු යටිකුරු කළා යයි කිවහොත් නිවැරදිය. බඹර පහස කැසට් පටය (එකල C.D නොතිබුණි) නොතිබුණු නිවසක්, නොඅසූ කෙනෙක් නොසිටියා යැය් කිවහොත් එය අතිශයෝක්තියක් නොවන තරමට එය ජනප්‍රිය විය. රූකාන්ත තම ගී නිර්මාණ සදහා වෙනස් තනු හා ස්වර පරාස උපයෝගී කරගත්තේය. මෙය ප්‍රබල වෙනසක් විය.
අද මෙන් පරිගණක භාවිත සංගීත නිර්මාණ නොව, සියලුම ගීත වාදන භාණ්ඩ උපයෝගී කොටගෙන, සියලුම වාදන භාණ්ඩ වල හඩ ඇසෙන පරිදි නිමවූ ඒ ගීත සැබවින්ම වෙනසක් ඇති කළේය. මේ ඇතිවෙමින් තිබූ වෙනසට රුකුලක් වෙමින් සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම නන්ස්ටොප් සංගීතය නව මානයකට රැගෙන ගියේ 80 දශකයේ අගදී එළිදුටු තම සංගීත සලාදේ කැසට් පටය හරහාය. මෙය එවකට ප්‍රබල විවේචනයන්ට බදුන්වුවත් අද ඇසෙන නොනවතින ගී සමග සසදන විට, බොහෝ නිර්මාණාත්මක විය. රූකාන්තගේ ආගමනය සමග ඔහුගේ සම්ප්‍රදාය අනුව යමින් තවත් පිරිස් කල එලි බසින්නට විය. මේ අතර 90 දශකයේ මුල් භාගයේ එක් රැයකින් රට පුරා ඉමහත් ජනප්‍රියත්වයකට පත් නාමල් උඩුගම සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ "සමුගන්නේ නැ" ප්‍රථම කැසට් පටය අතිශයින් ජනප්‍රිය විය. එම කැසට් පටයේ 10 වන ගීතය වුයේ අද වනවිට ඉමහත් ජනප්‍රියත්වයක පත්ව ඇති " රෑ සිහිනේ ඔබ ලග මා" ගීතයයි.
මීටත් කලින් 80 දශකයේ අග භාගය තුල ආත්මා ලියනගේ තම ප්‍රථම ගීත එකතුව වූ "ලිය තඹරා" හරහා ඉමහත් ජනප්‍රසාදයක් හිමි කරගෙන තිබුණි. ඔහුගේ දෙවෙනි කැසට් පටය වූ "මල් සුවඳ" නාමල් උඩුගමගේ "සමුගන්නේ නෑ" සමග සමාන්තරව රසිකයින් අතර ජනප්‍රිය විය. මෙලෙස රූකාන්ත, ආත්මා, නාමල් අතිශය ජනාදරයට පත් වෙද්දී, රූකාන්ත ගීතරචනයට හා සංගීත/තනු නිමවා නව පරපුරක් බිහි කිරීමට දායක වූයේද 90 දශකයේ මුල් භාගය තුළදීමය. එලෙස රූකාන්ත විසින් කරලියට එක් කල තරුවක් වූයේ, "සුදු මීදුම" කැසට් පටයෙන් ජනප්‍රියත්වයට පත් ග්‍රේෂන් ජයමහ යි. ඔහු එම කැසට් පටයට ගැයූ "මා හඩවලා" ගීතය වර්තමානයේ භාතිය-සන්තුෂ් දෙපල විසින් නැවත ගයමින් සිටී. මේ අතරේ නිහඩව සිංහල සංගීතයට ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටි ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ ගායන තරු රැසක් බිහි වන්නට විය. එහි ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ "සඳ කුමාරියක්" කැසට් පටයෙන් ජනාදරයට පත් ප්‍රින්ස් උදය ප්‍රියන්තයි. ඔහුට පසුව චන්දන ලියනාරච්චි, විජය බණ්ඩාර වැලිතුඩුව ජාතික තරුණ සේවා සභාව හරහා එලිබට ගායකයින් විය.
මෙලෙස වෙනස්ම ආකාරයේ සංගීත සම්ප්‍රදායක් සිංහල සංගීතයට එක් කිරීමට 80 දශකයේ අග භාගයේ හා 90 දශකයේ බිහි වූ ගායන ශිල්පීන්ට හැකිවිය.එවකට පාසල් සිසුන් වූ අප අතර නිතර මුවරැඳුනේ මෙම ගීතයි. පසු කාලීනව මෙම ගී සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වන්නට වූයේ මේවා බොළඳ බංකොලොත් නිර්මාණ ලෙස ගැරහුමට ලක්වෙමිනි. මෙම ගීත අසන විට මේවා තුට්ටු දෙකේ තුන්වන පන්තියේ ගී ලෙස හාදින්වූහ.
නමුත් කාලය කෙතරම් වෙනස් වී ඇද්ද? එදා ග්‍රේෂන් ජයමහ මා හඩවලා ගීතය ගයන විට, වර්තමානයේ මෙන් ට.වී, රේඩියෝ හරහා බලහත්කාරයෙන් ගීත ශ්‍රවනය නොකරන විට, කැසට් පටයක් හරහා එම ගීත ඇසු අපට සිනාසුනු උන්ම, අද භාතිය-සන්තුෂ් එම ගීතය සාද, ප්‍රසංග වල ගයනවිට අසීමිත ප්‍රතිචාරයක් දක්වති. නාමල් අඬන ගීත කියනවා යයි කියූ aඅයම, ශිහාන් මිහිරංග "රෑ සිහිනේ" ගීතය ගයනවිට උමතු වී සිටිති.

හරසුන් වචන, තාලයක් නැති, එහෙත් ගීතය මැද්දෙන් රැප් කොටස් එකතුකළ අද ඇසෙන බොහෝ ගීතයැය් කියාගන්නා ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා සමහරු එදා80-90 දශකයේ නිමවූ රූකාන්ත, ආත්මා, නාමල් සම්ප්‍රදායට ගරහන්නේ තමන්ගේ සිත තුල ඇති පටු පන්ති ගැටළුවක් නිසා යැය් මට හැගේ.

Saturday, August 7, 2010

කලකින් ඇසූ අරුත්බර සංවේදී ගීයක්

අද එලිදකින බොහෝ ගීත හුදෙක් ලාබ අපේක්ෂා පෙරටු කරගත් හරසුන් නිර්මාන වෙද්දී, වෙනස්ම ආකාරයේ සංවේදී අරුත්බර ගීයක් අසන්න ලැබුනා. යමුනා මාලිනී පෙරේරා තමන් හමුවට පැමිනි එක්තරා පුද්ගලයෙකුගේ පෞද්ගලික අත්දැකීමක් ඉතා අපූරුවට ගීයක් බවට පරිවර්තනය කර රෝහන වීරසින්හයන්ගේ තනුවට අප වෙත ගෙනවිත් තිබෙනවා.
මම මේ ගීතයේ දකින ලොකුම වෙනස, එහි සම්පූර්ණ අරුත ඉතාමත් වෙනස් ආකාරයේ මාතෘකාවක් යටතේ ඉදිරිපත් වීමයි. විවාහයෙන් වසර ගනනාවකට පසුව, තම ලෙයින් උපන් දරුවන් නොමැති වේදනාවෙන් සිතින් වැලපෙන පියෙකුගේ දුක, දොම්නස මේ ආකාරයෙන් හුවා දැක්වූ ගීතයක් සිංහල සංගීතයේ මම අසා නැත.
ඔබත් ජීවිතයට කිසියම් අවස්ථාවක මෙවැනි අත්දැකීමට මුහුන දී ඇත්නම් මේ ගීයේ අරුත ඔබව හඞවනු නියතයි. ඔබට මේ අත්දැකීම නුහුරු වුවත්, මෙවන් ප්‍රශ්න උරුම කරගත් දහසක් දෙනාගේ සිතුවිලි වල සිට මේ ගීය අත්විදින්න.. ඔබෙ සිත සසල වනු ඇත.



කිරිකැටියානනි මිහිරී.
සිත යට හිදිනා ඇහැරී
අප හමුනොවුනා සැබැවී
දුක ඉවසාගෙන හිදිමී..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

නැලවිල්ලේ ගී පාලු රෑ පුරා
ගැයුවා ඇසුනිද මා සිතේ
මව් කුස තුල නොව මා සිත තුල නුඹ
පිළිසිඳ ගත්තේ ඇයි පුතේ...

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

සුළැගිල්ලේ මා එල්ලී එනු මැන
සංසාරේ මතකේ දිගේ
දායාදය ලෙස නුඹටම දෙන්නම්
රත්තරනේ මගෙ ජීවිතේ..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

Download and listen

Friday, February 12, 2010

රෑ වැඩ මුරය - Sunil Edirisinghe - Guitar Chords

දිවි මග සරි කරගනු වස් අනන්ත දුක් දෝමනස්සයන්ට මුහුන දෙමින් වෙළද කලාප වල රැකියාවේ නිරතවන අපේම සහෝදරියන් ගැන බන්දුල නානයක්කරවසම් නම්වූ ගී පද නිමවුම්කරු විසින් රචිත, ශ්‍රේෂ්ඪ සංගීතවේදී රෝහණ වීරසිංහයන් තනු මුසු කල මේ ගීතය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද්දක්



Dminor 3/4

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුනු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සද අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට....

තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ...

රෑ වැඩ මුරය....

නුඹෙ කදුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක්වී හමන්නේ
තනිනොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇදුමද නුඹේ ජීවිතයද මහන්නේ...

Intro/inter
----------------

| Dm | - | - | - |
| G | C | Dm | - |
| G | G7 | Am | Dm |

Chorus
------------

| Dm | - | C | Dm |
| G | G7 | Dm | - |
| G | - | - | C |
| Dm | - | - | - |
| - | G | Dm | - |
| G | G7 | - | - |
| G | - | - | - |
| Dm | - | - | - |

Verse
---------

| Dm | - | - | - |
| G | - | - | - |
| - | - | - | - |
| C | Dm | - | - |
| Dm | - | - | - |
| G | - | - | - |
| Dm | - | G | C |
| Dm | - | - | - |

Sunday, February 7, 2010

දම් පාට හැන්දෑවේ - Sachin, Rakhitha, Eranga - Guitar chords

ගොඩාක් කලකට පස්සේ සුපුරුදු පරිදි ලස්සන සිංහල ගීතයක නිවැරදි (මට හිතෙන හැටියට 100% නිවැරදී) ගිටාර් කෝඩ්ස් ඔබ වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. මේ ගීතය අලුත් නිර්මානයක්.. සචින්, රකිත, එරංග තරුණ සංගීතවේදීන්ගේ නිමැවුමක්. මේ ගීතය ඈත රන් විමන් ගීතයේ වගේ එකම chords 4 ක් තමයි භාවිතා වෙන්නෙ. ඒක නිසා වාදනය කරන්න ගොඩක් පහසු වේවි.අහලා, play කරල බලන්න.. :)



සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී

හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී

සොදුරු සීතල යාමේ ...

අම්බරේ රන්දිර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබේ නෙත් ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ ...

නෙතු ඉමේ පායලා - එන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ

Melody - Ab minor 4/4


Start
Abm ... F#... E ... Abm

Chorus

[[[| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |]]]

Interlude

| Abm | E | - | Abm|
| Abm | F# | E | Abm|

Verse

| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |

Saturday, January 16, 2010

Facebook දේශපාලනයේ මධ්‍යස්ථ මතධාරීන්

Facebook දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න සිතුවත් අහන්න දකින්න ලැබෙන දේවල් බැලුවම නිහඩව ඉන්න එක මේ වෙලවෙ මෝඩකමක් කියල සිතුනා. 2010 ජනාධිපතිවරනයත් එක්ක Facebook එකේ ප්‍රධාන වශයෙන් වර්ග තුනක පිරිසක් හදුනගන්න පුලුවන්.
1. මහින්ද රාජපක්ශට සහය දක්වන්නන්
2. සරත් ෆොන්සේකාට සහය දක්වන්නන්
3. මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටින්නන්

පලවන හා දෙවන වර්ග දෙක ගැන විශේශ විවරනයක් අවශ්ය කියල මම හිතන්නෙ නෑ. ඔවුන් තමන්ගේ මතය වෙනුවෙන් නිවැරදිව පෙනී සිටිනව.. එත් සාකච්චාවට ලක් කල යුතු වන කොටස තමය් මෙ මධ්‍යස්ථ කියල කියාගන්න පිරිස.

මේ තුන්වන පිරිසේ හැසිරීම වෙන්කරලා හදුනගන්න පුලුවන්.

1. සමහරු මහින්දව විවේචනය කරනවා.. ගොබේල්ස් මූලදර්මය අනුව හදපු දූෂන චෝදනා ටික ගිරව් වගේ කියවනවා. කවුරුහරි ඒවාට විරුද්ධව තර්කයක් ගොඩනැගුවොත්, ක්ශනිකව අපක්ශපාතී වෙලා මග අරිනවා.
2. සමහරු මේ තීරනාත්මක අවස්ථාවෙ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කතා කරනවා. මැරිල ඉපදිල වගේ අමුතුම දේශ්නා දෙනව.
3. තවත් සමහර මධ්‍යස්ථ කියල කියගන්න අයට මහින්ද රාජපක්ශ හොරෙක්, එත් සරත් පොන්සේකගෙ හඉකොප් ගනුදෙනුව ගැන චෝදනා මඩ විතරයි.
4. සමහර මධ්‍යස්ථ අයට මහින්දගේ රැස්වීමකට සෙනග ආවොත් ඒ බත් පැකට් එකටයි, අරක්කු බෝතලෙටයි, එත් සරත් පොන්සේකගෙ කඩපොලක් අයිනෙ තියන රැස්වීමකට 5000 ක් ආවත් මහ ජන ගගක් ගැලුව කියල උදම් අනනව.
5. තවත් සමහරුන්ට මහින්ද වෙනුවෙන් එකතුවෙලා ඉන්න කලාකරුවො දූශිතයො, එත් පබා සරත් ගෙ වෙදිකවෙ ඉන්න එක හොදයි, පාරිශුද්දයි.
6. සමහරුන්ට නගර සභාවක සභාපති කෙනෙක් සරත් පොන්සේක ට සහය දෙන්න ආවත් එක මහා ලොකු ප්‍රවුර්තියක්.. ජන රැල්ල ගැන උදම් අනනව. එත්, ජොන්ස්ටන්, එස්.බී වගෙ යූ.එන්.පී දැවැන්තයින් මහින්දට සහය දෙන එක අවස්තාවාදීයි.
7. සමහරු මහින්ද ගෙ මාද්ය භාවිතය ගැන කිඹුල් කදුලු හෙලනවා. එත් ෆෙඩ්‍රිකා ජෑන්ස් ට සරත් පොන්සේකා සම්බන්ධ ලිපිය පලවුනායින් පස්සෙ සිදුවුනු දේවල්, ලංකාදීපෙ දයාසීලි ලියනගේ සම්බන්දන්ල එක්ක ගහපු ගිවිසුම් ගැන ලිව්වයින් පස්සෙ රස්සවෙනුත් අයින් වෙන්න සිදුවුනු දෙවල් ගැන කටක් අරින්නේ නෑ.
8. සමහර මධ්‍යස්ථ නිරූපකයින්ට මහින්ද වටේ ඉන්න ඔක්කොම හොරු. සතොස ගිලපු අය, 2001-2004 යූ,එන්.පී ආන්ඩුව කාලෙ කෝප් වාර්තා වලට අනුව වැරදි කරුවො වුනු අය, රාජ්ය දේපල විකුනපු අය ඔක්කොම හොදයි.
9. මේ ඔක්කොමටත් වඩා සමහර මධ්‍යස්ථය කියල කියාගන්න පිරිස් පෙන්නන්න උත්සාහ කරන දෙයක් තමය් මහින්ද රාජපක්ශ ජනාධිපතිවරය අපිට රටක් ඉතුරු කරල දීම අවතක්සේරු කිරීම. ජාත්යන්තර බලපෑම් හමුවේ හිස නොනම, අනික් කිසිම රජ්ය පාලකයෙකුට කරන්න බැරිවුනු ලෙස තිස් වසරක යුද්දය අවසන් කිරීමෙ ගෞරවය එතුමාට ලබාදෙන්නවත් මේ මධ්‍යස්ථය් කියල කියාගන්න අය කැමති නෑ.

එතකොට මේ පිරිස් සැබවින්ම මධ්‍යස්ථද? නෑ. මේ බොහොමයක් පිරිස් තමන්ගෙ දෙශපාලන අදහස ප්‍රකාශකරන්න බයයි. ඒක හංගගෙන මධ්‍යස්ථ කියන තිරයට මුවවෙල ඉන්නව. විශේශයෙන්ම facebook වල ඉන්න සමහරු එල්.ටී.ටී.ඊයට විරුද්දව අවසන් මහා සටන පැවතුනු අවදියේ, එය අගය කොට එක වචනයක් වත් නොකියපු පිරිස්. අද ඔවුන් නැති ජාති ආලයකින් සරත් පොන්සෙක ගෙ ගුන වයනවා.
මම මේ පිරිස් හදුන්වන්නෙ මධ්‍යස්ථ නෙවි, දේශපාලන අවස්තාවදීන් හැටියටයි

Saturday, October 17, 2009

Guitar chords - Miyuru pem madhirawe - Milton Mallawarachchi

Really cool song which was born during the golden era of sinhala music, 70th decade. This song has been included in "Nilla Soya" movie and sung by Milton mallawarachchi and Anjaline Goonathilake. Music/melody by Sarath Dassanayake.

miyuru pem madirawe nuhuru rasa denunawe
sathsare rewdidee purawanna ma desawan mihire
dethol pethi pubudhala piyum pehe wihidaala
denethehee nilminee.. lelawanna ma nalawa sodure..
miyuru pem madirawe...

hasarel amaa diye thisarun themee giye..//
ranwan lathawen inna lanwee
sudehiniye diwa reye...

miyuru pem...

kadu hel medin edee
emi adare soya...//
sihinen pethu se wasthuwak den
thiye denethe mage kiya...

dethol pethi...

miyuru pem....

Intro

| Gm | F | Eb | D |
[| Gm | - | Eb | - |
| D | - | Gm | - |]

Chorus

| Gm | - | - | - |
| Gm | - | F | - |
| - | - | - | Bb |
| - | F | Gm | - |

Inter 1

| Gm | - | Eb| - |
[|D | - | Gm | - |]
| Bb | - | Eb | - |
| D | - | Gm | - |

Verse
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | F | - |
| Bb | - | F | - |
| F | - | D | - |

Inter 2

| Gm | - | - | - |
| Gm | - | - | - |
| F | - | Gm | - |
| - | - | -| F |
| F | Gm | - | - |
| D | - | Gm | - |

Wednesday, September 2, 2009

Guitar chords - Ira sanda wedala - H.R Jothipala

One of the nicest songs of true legend, H.R jothipala. This song has been included in "sangeetha" movie.



Music: Sarath Dasanayake
Lyrics: Karunarathna Abesekara

Voice-adlib

F - Bb - F

Chorus

| F | - | - | - |
| - | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | Dm | D7 |
| Gm | - | C7 | - |
| F | - | - | - |

Inter

| F | - | - | - |
| C | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Gm | - | F | - |
| - | - | Bb | - |
| C7 | - | F | - |

Verse

| F | - | - | - |
|Bb | - | - | - |
| C | - | Bb | - |
| F | - | - | - |
| G| - | - | - |
| Bb | - | - | F |
| C | - | - | - |
| F | - | - | - |

ira sanda wedala neth deka erala
atha obe nalale thiya...
hadawatha sapura pawasami idura
mama aadarey kiya...
mage sitha sanasee seka biya welakee
gnadura pahawa giyaa..
mama oba haduna piligami idura
mama aadarey kiya...

sathara diganthe soduru wasanthe
oya muhunehi dakimee..
esi piya nohera denethehi sathapa
obe ruwa mama rakimee...

ira sanda....

mulu lowa maththe mage yay kiwa heki
oba pamanay eththe...
ho.. oba ma langa nam jeewithayata wena
kisiwak hinga neththe..

Saturday, July 18, 2009

Top 20 sinhala songs I always like to play

1. Ree duru rata me - W.D Amaradewa
2. oba ha mema - T.M Jayarathna
3. Matath horen - Rohana Siriwardana
4. Obe athagena pera sandewaka - Rohana Siriwardana
5. Sudu pata mal wetunu - Gayantha
6. seetha arane - Milton/Malini
7. ma sanasa - Mervin perera
8. adawan wu denethin galana - W.D Amaradewa
9. sande adura lowa - Somathilaka Jayamaha
10. Dileepa podi puthu - Clarence
11. duka hadu dena - Kapuge
12. Sina mal kekulu - Shihan Mihiranga
13. sande oba ayda me yame - Rookantha
14. Cindarella - Kithsiri Jayasekara
15. Ran samanalayo - Sunil Edirisinghe
16. wala theerayen eha - T.M Jayarathna
17. me gee katadey - Jothipala
18. sithin ma nosalee - T.M Jayarathna
19. sulan kurullo - Haroon lanthra
20. karadiya gambare - Edward Jayakodi

I have original guitar chords of all these songs. Drop me a mail if you need them.

Dr. Ajith Rajapaksha..Sir you made our dream true!


We face a lot of obstacles when we go through the journey called life. We laugh at times, enjoy.. At times we cry, remain sombre, feel sad about the things happening around us. In 2007, after 2 years of being married, My wife, Thushari got pregnant. We were so anxious about that and consulted high profile doctors in Sri lanka.
However, we were so unlucky.. My wife had miscarriage after 3 months. We felt lost in life and could not understand what to do. Cried. Had sleepless nights. :( :(
After 3 months of miscarriage, one of my close friends asked me to meet a consultant doctor at Asiri hospital. I had not known the doctor but during the first visit, we were really impressed about him. He was extremely patient. Listened to us with care. Without any doubts, we decided to continue consulting him. He is the consultant gynacologist Dr. Ajith Rajapaksha

Dr. Ajith Rajapaksha is a very well organized person. He started with inspecting both of us, went through some important initial tests to make sure our health conditions are satisfactory. After about 9 months of consultation and proper guidance of him, my wife got pregnant again.
During the preganancy, Dr. Ajith Rajhapaksha provided us a consultation plan which included some periodic scans. At every appointment he reiterated that if my wife felt like something was wrong. Though he was running an extremely busy schedule, he listened to us and answered to our dumb questions.

In 2009 May, we were blessed with a baby boy making our dream come true.
Dr. Ajith Rajapaksha.. Dear Sir.. You are one of the greatest persons I have ever met in my life. You are truly a god. We want to thank you so much for everything. We are so proud and happy that you were the one who helped us bring our child into the world. you always made us feel comfortable that things were going to be great. We cannot thank you enough, and you will remain in our hearts forever.

Sunday, July 12, 2009

Guitar Chords - obe athagena - Rohana Siriwardana

කලකට පසුව ඔබ වෙනුවෙන් ජනප්‍රිය සිංහල ගීතයක ස්වර ප්‍රස්තාරයක්. කුලරත්න ආරියවංශ විසින් රචනාකර, රෝහන වීරසිංහයන් විසින් තනු නිමවා සංගීතය මුසු කල මේ අපූරු ගීතය රෝහන සිරිවර්ධන විසින් ගායනා කරන ලදී.

ඔබේ අතගෙන පෙර සැදෑවක උයන්තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා..//

ඔබේ හදවත ගැහෙන රාවය පවා මසිතට
දැනුනු මොහොතක..//
හදවතින් මතු වූ සිනා.. කිසිදු දිනයක බොද නොවේවා...

ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප වුන් ඒ සැදෑවේ..//
හදවතින් තෙපලූ කතා...
කිසිදු දිනයක බොද නොවේවා...

Intro
| G | D | C | G | - |
[| - | - | - | C |
| - | D | - | G |]
| - | C | G | D | G |

Chorus
| - [| G | - | - | - |
| - | G | - | C |
| - | - | D | - |
| - | - | - | G |]

Inter
| - | G | - | D |
| G| C | - | - |
| - | G | D | - | G |

Verse
[| G | - | C | - |
| D | - | C | G |
| - | - | - |]
| G | D | B7 |Em |
| D | - | - | G |
|G/C| G |

Saturday, May 23, 2009

සිහිනයක් නොවූ නිදහස් නිවහල් මාතෘ භූමියේ.....

දිනය: 2059 මැයි 18
උදෑසනින් පිබිදුනු සමීර තම සංචාර බෑගය සහ තවත් ආම්පන්න රැගෙන නිවසින් පිටත්වේ. සැලසුම් කරගත් පරිදි කොටුව දුම්‍රිය පොල දොරටුව අසල දී මිතුරන් සමග එක්ව ප්‍රවෙශපත් කවුලුවෙන් අවසරපත් මිලට ගෙන නවතා ඇති සුඛෝපභොගී දුම්‍රියට ඇතුලු වෙති.
දුම්‍රිය රාගම, මහව, පොල්ගහවෙල පසුකර ප්‍රදාන මාර්ගයෙන් අනුරාධපුර මගට පිවිසේ. අනුරාධපුරය හරහා වවුනියා දුම්‍රිය ස්ථානය වෙත සැපත් වන දුම්‍රිය එහි මදක් ගිමන්හැර මාන්කුලම් දුම්‍රිය පොල වෙත ලගාවේ. මිතුරන් පිරිස ගී ගයමින් ප්‍රීති වෙමින් සෙසු මගීන් සමග අල්ලාප සල්ලාපයෙ යෙදෙමින් දීර්ග චාරිකවෙ වෙහෙස මැඩ ගනිති. මාන්කුලම් නගරයෙන් දකුනට ගමන්කරන දුම්‍රිය ඔඩ්ඩුසුඩාන් දුම්‍රිය ස්ථානයේ මොහොතක් නවතා මුල්ලියවේලි හරහා මුලතිව් ගමනාන්තය වෙත ලගාවේ.
සමීර ඇතුලු පිරිස දුම්‍රිය ස්තානයෙන් නික්ම මුලතිව් නගරයේ Mcdonalds අවන්හලෙන් දිවා ආහාරය ගෙන කුලී මෝටර් රථයකට ගොඩ වේ. සමීර ඇතුලු පිරිස රැගත් මෝටර් රථය නන්දිකඩාල් කලපුව හරහා ඉදිකර ඇති උමං මාරගය තුලින් ගමන්කොට පුදුකුඩියිරිප්පු වෙරල සීමාවට පැමිනේ. සති අන්ත දිනයක් වූ නිසාදෝ මනරම් පුදුකුඩියිරිප්පු වෙරල පුරා අති විශාල ජනකායක් කෙලිදෙලෙන් ගතකරනු පෙනේ. සමීර ඇතුලු පිරිස පුදුමාතලන් වෙරලේ අභිනවයෙන් ඉදිකල තරු පහේ සංචාරක හෝටලය වෙත ගමන් කර එදින එහි නවාතැන් ගනී. සමීර තමා වෙන්කරගත් හෝටල් කාමරයේ මුහුද දරශනය වන ආලින්දය වෙත ගොස් ආශ්චර්යවූත් නෙත්කලුවූත් නැගෙනහිර වෙරලේ අසිරිය විදී. වෙරලේ මදක් නුදුරින් නවතා ඇති පෞරානික පෙනුමක් ගත් නෞකාවක් ඔහුට දර්ශනය වේ. එය ඉදිරියෙන් විද්යාමන වූ යම් ස්මාරක කිහිපයකුත් නෙත ගැටුනු සමීර තම සගයින්ද, සංචාරක හෝටලයේ උපදේශකයෙක්ද කැටුව ඒ වෙත ගමන් කරයි. අබලන් වූ නෞකාව සහ ස්මාරකයන්ගේ ඡායාරූප කිහිපයක් ගත් සමීර සහ යහලුවන් අමතන සංචාරක හෝටලයේ උපදේශකයා එහි ඉතිහාසය තරුන පිරිසට විස්තර කරයි.
"අදින් හරියටම අවුරුදු 50 කට කලින් අපේ රටේ මේ පලාත් බලහත්කාරයෙන් අල්ලාගෙන, අහිංසක මිනිසුන් ඝාතනය කරමින් රුදුරු ත්‍රස්තවාදය පතුරුවමින් සිටි එල්.ටී.ටී.ඊ ත්‍රස්ත කල්ලිය යුදමය වශයෙන් පරාජය කර අවසන් වෙඩිමුරය දැල්වූවෙ මෙන්න මෙතන ඉදන් තමයි. එදා මේ පලාත් අවුරුදු 30 කටත් වඩා එක දිගටම යුද්දෙන් බැටකෑවා. ඒ කාලෙ රට පාලනය කල මහින්ද රාජපක්ශ නම් ශ්‍රේෂ්ඨ නායකයා රන විරු බලමුලු ගන්වා ත්‍රස්තවාදය විනාශ කලා. අද මේ අපි බුක්ති විදින්නෙ එදා ඒ අභීත විරුවන් ලෙයින් දහදියෙන් කදුලින් බේරගත් භූමියේ නිදහස!"

Friday, May 1, 2009

Guitar chords - ඔබ හා මෙමා - T. M. Jayarathna



ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා..
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා. සිපගත් එදා සිහිවෙනවා......

භවයෙන් භවේ මෙලෙසින් බැදී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේ
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා...
එක් වූ දිනේ සිහිවෙනවා..

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක් වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොදුරු දා සිහිවෙනවා.....
ඒ සොදුරු දා සිහිවෙනවා.....

ටී. එම්. ජයරත්නයන් විසින් ගයනු ලබන මේ හැගීම්බර ගීතයේ ස්වර ප්‍රස්තාරය..

Dm 4/4

intro/inter

| Dm | Am | C | Dm |
| Dm | Am | C | Am |
| Dm | C | Dm | C |
| Dm | - | - | - |
| - | - |
Chorus

| - | Dm | - | Am | - |
| C | - | Am | Dm |
| Dm | - | Am | - |
| C |- | - | Am |
| C | - | Dm | - |

Verse

| - | Dm | - | C | Dm |
|Dm | - | C | Dm |
| Dm | C | Dm | - |
| Am | - | - | - |
| C | - | Am | - |
| Dm | - |

Sunday, April 26, 2009

බස්නාහිර ජය....

අද සුවිශේෂී දවසක්. බස්නාහිර පලාත් සභා මැතිවරනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වාර්තාගත ජයක් ලැබුවා. බස්නාහිර බුද්ධිමත් ජනතාවත් රටේ සෙසු ජනතාව සමග එකතුවෙමින් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම අඩුවක් නැතුව අති විශිෂ්ට ලෙස ඉෂ්ට කරල තියනවා. මම හදන්නෙ මැතිවරන ප්‍රතිපල විශ්ලෙශනයක් කරන්න නෙවි. මම කල්පනා කලේ වසර 3ක් ඇතුලත අපේ රටේ ජනතාවගෙ චින්තනය මොනතරම් විශාල වෙනසකට ලක් වෙලා තියනවද කියල. රටක ජනතාවගෙ චින්තනය වෙනස් කරන්න පාලකයන්ට පුලුවන් වීම සිතාගන්න අමාරු දෙයක්. එත් මහින්ද චින්තනය ඒ වෙනස සිදු කරල තියනවා. අද ලංකාවෙ ඉන්නෙ හාල්, පරිප්පු, හාල්මැස්සන් අඩුවට ගන්න බලාගෙන ඡන්දෙ ප්‍රකාශ කරන පිරිසක් නොවේ. අපේ පරම්පරාවම අලියට පිටින් කතිරෙ ගහලා නෑ කියල සාම්ප්‍රදායිකව එක පක්ශෙකටම ඇලිල ඉන්න ජනතාව දැන් ඉතාමත් අඩුයි. වාමාංශික ආන්ඩු වලින් ව්‍යාපාර වලට පාඩුයි කියල තමන්ගෙ වාසිය වෙනුවෙන් දගලන ව්‍යාපාරිකයින් දැන් ඉන්නෙ අතලොස්සක්. රටේ බහුතරයක් ජනතාව රට පෙරට තබල කතා කරන හිතන යුගයක් නිර්මානය වෙමින් පවතින ආකාරය දකින විට ලාංකිකයෙක් විදියට ඇතිවෙන්නෙ ලොකු ආඩම්බරයක්. වසර 30ක් දිග්ගැස්සුනු කුරුරි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් හුස්ම හෙලමින් සිටින මේ වගේ තීරනාත්මක අවස්ථාවක රටේ සමස්ත ජනතාවගේ ආශිර්වාදය ඒ සද්කාර්යට ලැබෙන බව මේ වගෙ මැතිවරන ප්‍රතිපල වලින් පිලිබිඹු වෙනවා. ලෝකෙ බලවත් කියල කියාගන්න රටවල් මේ පුංචි ශ්‍රි ලංකාව තමන්ගෙ යටත් විජිත කොලනියක් කියල හිතාගෙන වගේ ත්‍රස්තවාදීන් ආරක්ශා කරමින් අප්ට නොයෙක් තහන්චි දමද්දී බස්නාහිර ජනතාව ජනමතය රජය සමග බව පෙන්නල දීල තියනවා. අද අපි ලබන යුද ජයග්‍රහන වලට ජනතාවගේ මේ චින්තන පෙරලිය ප්‍රධාන හේතුවක්.
රටේ ජනතාව රජය සමග සිටිනතුරු ලෝකයේ මොන බලවතා මොන උප්පරවැට්ටි දැම්මත් අපේ අවසාන අරමුණ වන ත්‍රස්තවාදය නිම කොට සියලු ජාතීන්ට සාමයෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමේ කාර්යය සාර්ථකව අවසන් කිරීම අපහසු නොවනු ඇත.

Sunday, March 8, 2009

ත්‍රස්තවාදයේ අවසානය සහ ජාතියේ ඉදිරි ගමන

මහාචාර්ය නලින් ද සිල්වා ගේ අති විශිශ්ට දේශනයක්...

Sunday, February 15, 2009

Rhythm guitar and me


I could remember the first date when I touched a guitar. It was back in 1989 when I was studying at grade six. I wanted to learn the fantastic instrument and searched for guitar classes. Then I found out a place in slave island, colombo 02 and attended to weekend classes. I was the youngest student in that class. Ashoka Kovilage was our teacher. He is a great musician and composer of some popular sinahla songs such as "senehasa illa by Malani Bulathsinhala", "paaru palamen by Sunil Edirisinghe".
Since I was a school kid, I could not practice hard like the other guys in our guitar class. But I was able to learn some of the basic chords. In 1991, I was a member of the eastern music ochestra of D.S.S.C (my school). I still remember the first date I performed public at the science day of Anula Vidyalaya, Nugegoda. I hardly played rhythm guitar for 2 songs. :)
I could not continue learning guitar with my studies and almost quit it when I was doing advanced level exams. Then I did one of the worst mistakes in my life. I sold my guitar.
There were a lot of occasions I badly needed to reform the guitarist inside me while I was studying at the university of Colombo. But I never did it.
So, after almost 15 years, I decided to start playing guitar when I joined WSO2. I practiced the rhythm guitar after work, for around two hours on average, nearly every day. First, I borrowed a guitar from my very good friend Raveen and then I bought a nice Adonis acoustic guitar.
Now I'm capable of playing almost all chord patterns. I usually play by looking at the original chords of songs hence I always assured that the original rhythm is maintained.

Sunday, January 11, 2009

මංගල සමරවීර සහ මොංගල් දේශපාලනය

පසුගිය කාලයේ මංගල සමරවීර මන්ත්‍රීතුමාගේ භූමිකාව නිරීක්ශනය කලාම හිතෙන්නෙ වියරු වැටුනු හනුමන්තගෙ කතාවයි. වෙලාවකට පුදුම හිතෙනවා මෙ එදා UNP ආන්ඩුව එලවන්න තමන්ගෙ සම්පූර්ණ ශක්තිය යොදල වැඩ කරපු ඒ මංගල සමරවීරමද කියලත්. මංගල අද එකතුවෙලා ඉන්න සහචරයො ටික දැක්කම මට නම් හිතාගන්න බෑ මේ මනුස්සයා මාතර දිස්ත්‍රික්කයෙ සිංහලයින්ගෙ ඡන්ද වලින් පාර්ලිමෙන්තුවට ගියපු ඒ මංගල සමරවීරම ද කියලා.
ඕනම මනුස්සයකුට දේශපාලනයෙදි හෝ තමන් නිරතව සිටින ක්ශේත්‍රයෙදි ප්‍රශ්න ඇතිවෙන එක සාධාරනයි. නමුත් ඒ ප්‍රශ්නවලදි හරි තීන්දු නොගෙන තමන්ගෙම නහය කපා ගන්නවා වගෙ වැඩක් තමයි මංගල කලෙත්. මංගල අද තමන්ගෙ සම්පූර්න උත්සාහය යොදන්නෙ මහින්ද ගෙ ආන්ඩුව පෙරලන්න කියල සරලව හිතුවොත් වැරදියි. ඔහු අද තමන්වත් නිවැරදිව වටහා නොගෙන මේ කරන්නෙ තමන් උපන් රටට ජාතියට ද්‍රෝහී වීමයි. එදා 2004 මහ මැතිවරනයෙදි මාතර ජනතාව තමන්ගෙ ගමට නගරයට අති මහත් සේවාවක් කරපු මංගල සමරවීර ලක්ශයකට වඩා මනාප සහිතව දිනෙව්වෙ මේ වගෙ තැනකට යන්න නෙවි.
කාගෙනුත් කුඩම්මගෙ සැලකිල්ල ලැබුනු මාතර පුරවරය හදල ගත්තෙ මංගල බවත් ඔහුට ඒ ගෞරවය අනිවාර්යෙන්ම හිමිවියයුතු බවත් ඇත්ත. නමුත් ඒ සියලුම සේවාවන් යටපත් වෙලා මංගලගෙ ජාති ද්‍රෝහීත්වය ඉහලින්ම කැපිලා පේන්න පටන් අරගෙන තියනවා. ඒක සාදාරණයි.
සිරිතුංග ජයසූරිය, මනෝ ගනේශන් වගෙ තමන්ගෙ මුලු ජීවිතයම කොටින්ට කඩේ යන, කොටි ත්‍රස්තයින්ගෙ මිනීමරු ත්‍රස්තවාදය සාධාරනීකරණය කරන ත්‍රී වීල් පක්ශ එක්ක මංගල එකතු වෙලා ඉන්නව දැක්කම පුදුම හිතෙනවා.
සමහරුන් නම් කියන්නෙ මංගල තවලම් සුදු නෙලුම් කරෙ තියගෙන ජය සිකුරු මෙහෙයුම අවදියෙදිත් කලෙ මේ ටිකම තමයි කියලා. එත් මංගල UNP එක කොටින්ට වරදාන දෙමින් ගිය ගමන ආපසු හරවන්න ලොකු සේවාවක් කලා කියන එක අමතක කරන්න බෑ.
මංගල සමරවීර ජනතාව අතරෙ හිටපු නායකයෙක් විදියට තමන්ගෙ රටට මේ කරන වැරැද්ද වහාම තේරුම් ගත යුතුයි. වෛරී දේශපාලනයෙන් ඉවත්ව කොටියා බිම වටිලා හතරගාතෙන් ඉන්න අවස්ථාවෙ තමන්ගෙන් රටට විය යුත්තෙ කුමක්දැයි සිතා බැලිය යුතුයි. එහෙම කරල තමන්ගෙ වගකීම නිසියාකරව ඉශ්ට කලොත් ඉදිරි මැතිවරනයකදී 2004 ටත් වඩා වැඩි ඡන්දයෙන් මාතර ජනතාව මංගල දිනවනු ඇත.

Saturday, December 20, 2008

Guitar chords - Sandakada pahanaka - Sunil Edirisinghe

සුනිල් එදිරිසිංහයන් තම ගායන ජීවිතයේ පලමු පියවර තැබූ සදකඩ පහනක ගීතය "මාතර ආච්චි" චිත්‍රපටයට ඇතුලත් වූවක්. වොලී නානායක්කාර පද රචනා කල මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කලා.

මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)

Am 4/4

සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//

හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..


Intro
| Am | G7 | Am | - |

Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |

Interlude - 1

| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |

Verse-1

| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Interlude - 2

| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |

Verse - 2

| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Guitar chords - Shoka senasum wedanawan - Victor Rathnayaka

ශෝක සැනසුම් වේදනාවන් ගීතය මීට දින කීපයකට කලින් අප අතරින් සමුගත් සංගීතවේදී මර්වින් පෙරේරා විසින් තනු නිර්මානය කොට සංගීතවත් කරන ලද්දක්. වික්ටර් රත්නායකයන් මේ ගීතයට අපූරුවට තම හඩ මුසු කරනු ලැබුවා.

Am 4/4

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..

ශෝක සැනසුම්...

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..

ශෝක සැනසුම්...


Intro

| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |

Chorus

[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]

Inter

| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |

Verse

| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am
|

Saturday, December 13, 2008

සිංහල පත්තර සහ ඉරිදා දිවයින

පසුගිය දවස් වල එක දිගටම WSO2 Carbon release එකට වැඩ කරල පොඩි විවේකයක් හම්බවුනා. අපේ අලුත්ම product එක ගැන ගොඩක් විස්තර මගෙ technical blog එකෙන් බලාගන්න පුලුවන්. මේ කියන්න හදන්නෙ ඒක ගැන නෙවි.
ඉරිදා දිවයින පත්තරේ ගොඩක් කාලෙකට පස්සෙ කියෙව්වා. තවමත් දිවයින තමන්ගෙ ජාතික මෙහෙවර වෙනද වගේම කරගෙන යන ආකාරය අනර්ඝයි. දිවයින පත්තරේ හැමදාම කොටි ත්‍රස්තවාදයට විරුද්ද්ව නිර්භයව තම අදහස ප්‍රකාශ කලා. බහුතරයක් ජාතික කියලා කියගන්න පත්තර තරගයට වගේ කොටින්ට කඩෙ යන කාලයකත් දිවයින රට වෙනුවෙන් පෙනී සිටියා. එකෙදි ඔවුන් පක්ශ පාට බැලුවෙ නෑ. ජාතික මතවාදය වෙනුවෙන් අවන්කව පෙනී සිටියා. ජාතික මතවාදය හා ජාතිවාදය අතරෙ වෙනස රටට ගෙන යන්න වේදිකාවක් වුනා.
තමන් උපන් රටට ද්‍රෝහී වෙන ජාති භ්‍රශ්ටයින් දිවයිනේ දැඩි ප්‍රහාරවලට ලක්වුනා. ඒක අනිවාර්යෙන්ම මාද්යකින් වියයුතු වගකීමක් හැටියටයි මම දකින්නෙ.
දිවයින.. ඔහොම යන්...!