Sunday, February 15, 2009

Rhythm guitar and me


I could remember the first date when I touched a guitar. It was back in 1989 when I was studying at grade six. I wanted to learn the fantastic instrument and searched for guitar classes. Then I found out a place in slave island, colombo 02 and attended to weekend classes. I was the youngest student in that class. Ashoka Kovilage was our teacher. He is a great musician and composer of some popular sinahla songs such as "senehasa illa by Malani Bulathsinhala", "paaru palamen by Sunil Edirisinghe".
Since I was a school kid, I could not practice hard like the other guys in our guitar class. But I was able to learn some of the basic chords. In 1991, I was a member of the eastern music ochestra of D.S.S.C (my school). I still remember the first date I performed public at the science day of Anula Vidyalaya, Nugegoda. I hardly played rhythm guitar for 2 songs. :)
I could not continue learning guitar with my studies and almost quit it when I was doing advanced level exams. Then I did one of the worst mistakes in my life. I sold my guitar.
There were a lot of occasions I badly needed to reform the guitarist inside me while I was studying at the university of Colombo. But I never did it.
So, after almost 15 years, I decided to start playing guitar when I joined WSO2. I practiced the rhythm guitar after work, for around two hours on average, nearly every day. First, I borrowed a guitar from my very good friend Raveen and then I bought a nice Adonis acoustic guitar.
Now I'm capable of playing almost all chord patterns. I usually play by looking at the original chords of songs hence I always assured that the original rhythm is maintained.

Sunday, January 11, 2009

මංගල සමරවීර සහ මොංගල් දේශපාලනය

පසුගිය කාලයේ මංගල සමරවීර මන්ත්‍රීතුමාගේ භූමිකාව නිරීක්ශනය කලාම හිතෙන්නෙ වියරු වැටුනු හනුමන්තගෙ කතාවයි. වෙලාවකට පුදුම හිතෙනවා මෙ එදා UNP ආන්ඩුව එලවන්න තමන්ගෙ සම්පූර්ණ ශක්තිය යොදල වැඩ කරපු ඒ මංගල සමරවීරමද කියලත්. මංගල අද එකතුවෙලා ඉන්න සහචරයො ටික දැක්කම මට නම් හිතාගන්න බෑ මේ මනුස්සයා මාතර දිස්ත්‍රික්කයෙ සිංහලයින්ගෙ ඡන්ද වලින් පාර්ලිමෙන්තුවට ගියපු ඒ මංගල සමරවීරම ද කියලා.
ඕනම මනුස්සයකුට දේශපාලනයෙදි හෝ තමන් නිරතව සිටින ක්ශේත්‍රයෙදි ප්‍රශ්න ඇතිවෙන එක සාධාරනයි. නමුත් ඒ ප්‍රශ්නවලදි හරි තීන්දු නොගෙන තමන්ගෙම නහය කපා ගන්නවා වගෙ වැඩක් තමයි මංගල කලෙත්. මංගල අද තමන්ගෙ සම්පූර්න උත්සාහය යොදන්නෙ මහින්ද ගෙ ආන්ඩුව පෙරලන්න කියල සරලව හිතුවොත් වැරදියි. ඔහු අද තමන්වත් නිවැරදිව වටහා නොගෙන මේ කරන්නෙ තමන් උපන් රටට ජාතියට ද්‍රෝහී වීමයි. එදා 2004 මහ මැතිවරනයෙදි මාතර ජනතාව තමන්ගෙ ගමට නගරයට අති මහත් සේවාවක් කරපු මංගල සමරවීර ලක්ශයකට වඩා මනාප සහිතව දිනෙව්වෙ මේ වගෙ තැනකට යන්න නෙවි.
කාගෙනුත් කුඩම්මගෙ සැලකිල්ල ලැබුනු මාතර පුරවරය හදල ගත්තෙ මංගල බවත් ඔහුට ඒ ගෞරවය අනිවාර්යෙන්ම හිමිවියයුතු බවත් ඇත්ත. නමුත් ඒ සියලුම සේවාවන් යටපත් වෙලා මංගලගෙ ජාති ද්‍රෝහීත්වය ඉහලින්ම කැපිලා පේන්න පටන් අරගෙන තියනවා. ඒක සාදාරණයි.
සිරිතුංග ජයසූරිය, මනෝ ගනේශන් වගෙ තමන්ගෙ මුලු ජීවිතයම කොටින්ට කඩේ යන, කොටි ත්‍රස්තයින්ගෙ මිනීමරු ත්‍රස්තවාදය සාධාරනීකරණය කරන ත්‍රී වීල් පක්ශ එක්ක මංගල එකතු වෙලා ඉන්නව දැක්කම පුදුම හිතෙනවා.
සමහරුන් නම් කියන්නෙ මංගල තවලම් සුදු නෙලුම් කරෙ තියගෙන ජය සිකුරු මෙහෙයුම අවදියෙදිත් කලෙ මේ ටිකම තමයි කියලා. එත් මංගල UNP එක කොටින්ට වරදාන දෙමින් ගිය ගමන ආපසු හරවන්න ලොකු සේවාවක් කලා කියන එක අමතක කරන්න බෑ.
මංගල සමරවීර ජනතාව අතරෙ හිටපු නායකයෙක් විදියට තමන්ගෙ රටට මේ කරන වැරැද්ද වහාම තේරුම් ගත යුතුයි. වෛරී දේශපාලනයෙන් ඉවත්ව කොටියා බිම වටිලා හතරගාතෙන් ඉන්න අවස්ථාවෙ තමන්ගෙන් රටට විය යුත්තෙ කුමක්දැයි සිතා බැලිය යුතුයි. එහෙම කරල තමන්ගෙ වගකීම නිසියාකරව ඉශ්ට කලොත් ඉදිරි මැතිවරනයකදී 2004 ටත් වඩා වැඩි ඡන්දයෙන් මාතර ජනතාව මංගල දිනවනු ඇත.

Saturday, December 20, 2008

Guitar chords - Sandakada pahanaka - Sunil Edirisinghe

සුනිල් එදිරිසිංහයන් තම ගායන ජීවිතයේ පලමු පියවර තැබූ සදකඩ පහනක ගීතය "මාතර ආච්චි" චිත්‍රපටයට ඇතුලත් වූවක්. වොලී නානායක්කාර පද රචනා කල මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කලා.

මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)

Am 4/4

සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//

හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..


Intro
| Am | G7 | Am | - |

Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |

Interlude - 1

| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |

Verse-1

| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Interlude - 2

| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |

Verse - 2

| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Guitar chords - Shoka senasum wedanawan - Victor Rathnayaka

ශෝක සැනසුම් වේදනාවන් ගීතය මීට දින කීපයකට කලින් අප අතරින් සමුගත් සංගීතවේදී මර්වින් පෙරේරා විසින් තනු නිර්මානය කොට සංගීතවත් කරන ලද්දක්. වික්ටර් රත්නායකයන් මේ ගීතයට අපූරුවට තම හඩ මුසු කරනු ලැබුවා.

Am 4/4

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..

ශෝක සැනසුම්...

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..

ශෝක සැනසුම්...


Intro

| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |

Chorus

[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]

Inter

| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |

Verse

| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am
|

Saturday, December 13, 2008

සිංහල පත්තර සහ ඉරිදා දිවයින

පසුගිය දවස් වල එක දිගටම WSO2 Carbon release එකට වැඩ කරල පොඩි විවේකයක් හම්බවුනා. අපේ අලුත්ම product එක ගැන ගොඩක් විස්තර මගෙ technical blog එකෙන් බලාගන්න පුලුවන්. මේ කියන්න හදන්නෙ ඒක ගැන නෙවි.
ඉරිදා දිවයින පත්තරේ ගොඩක් කාලෙකට පස්සෙ කියෙව්වා. තවමත් දිවයින තමන්ගෙ ජාතික මෙහෙවර වෙනද වගේම කරගෙන යන ආකාරය අනර්ඝයි. දිවයින පත්තරේ හැමදාම කොටි ත්‍රස්තවාදයට විරුද්ද්ව නිර්භයව තම අදහස ප්‍රකාශ කලා. බහුතරයක් ජාතික කියලා කියගන්න පත්තර තරගයට වගේ කොටින්ට කඩෙ යන කාලයකත් දිවයින රට වෙනුවෙන් පෙනී සිටියා. එකෙදි ඔවුන් පක්ශ පාට බැලුවෙ නෑ. ජාතික මතවාදය වෙනුවෙන් අවන්කව පෙනී සිටියා. ජාතික මතවාදය හා ජාතිවාදය අතරෙ වෙනස රටට ගෙන යන්න වේදිකාවක් වුනා.
තමන් උපන් රටට ද්‍රෝහී වෙන ජාති භ්‍රශ්ටයින් දිවයිනේ දැඩි ප්‍රහාරවලට ලක්වුනා. ඒක අනිවාර්යෙන්ම මාද්යකින් වියයුතු වගකීමක් හැටියටයි මම දකින්නෙ.
දිවයින.. ඔහොම යන්...!

Sunday, December 7, 2008

අසාහය ගායක මර්වින් ෙපෙරරා මතිදුනි ඔබට නිවන් සුව


ඉතාම කනගාටුදායක ආරන්චියක් ටික ෙවලාවකට කලින් ලසන්ත අරන් ආවා. මම කවදත් ගරු කරපු අති විශිශ්ට ගායන ශිල්පී ම්‍රවින් ෙපෙරරා අපි අතරින් සදහටම ෙවන්ව ගිහින්...
ම්‍රවින් පෙරෙර බටහිර ශය්ලිය සින්හල සන්ගීතයට ඉතාම් සුන්දර විදියට යොදගත්තා. මා සනසා මා නලවා එහි අග්‍ර පලය ලෙසය් මම දකින්නෙ. ප්‍රෙමකීර්ති ද අල්විස් ම්‍රවින් ගෙ ගීත වඩි ප්‍රමානයකට ගීත රචනයෙන් දායක වුනා. ෙම නගරය වෙග ගීත කවදාවත් අෙප හිෙතන් මෙකිල යන්ෙන නෙ. එ වගෙම කතරක තනිවී, රන් මීවිත පුරවා, සඩ මිඩුලට එනවා, පබසර රන් පබලු, ඔබ දෙදුන්න ආකසයෙ, ආදෙර රන් බිගුන් වගෙ ගීත අමරනීයය්

ම්‍රවින් පෙරෙරා මෙතිදුනි.. ඔබට නිවන් සුව!!!

Blogging in sinhala

සින්හලෙන් බ්ලොග් පොස්ට් එකක් ලියන්න කියල හිතුන. මෙ බ්ලොග් එක කොහොමටත් බලන්නෙ සින්හල අය බව මම දන්නව. මම සින්හල ස්වර ප්‍රස්තර දාන්නම කියල හිතාගෙන ෙවනම බ්ලොග් එකක් පටන්ගත්තෙත් එකය්. ඉතින් ෙම බ්ලොග් එක සින්හලෙන්ම ලිව්වත් වෙරෙද්දක් නෑ කියලය් ෙවලවකට මට හිතෙනේන.
කොහොමවුඅත් මෙග මව් බාශාෙවන් බ්ලොග් එකක් ලියන්න ලෙබීම සතුටක්. අලුත් අලුත් වෑඩ ඉස්සරහට බලමු :)

Translated using UCSC unicode converter