Showing posts with label lyrics. Show all posts
Showing posts with label lyrics. Show all posts

Saturday, August 7, 2010

කලකින් ඇසූ අරුත්බර සංවේදී ගීයක්

අද එලිදකින බොහෝ ගීත හුදෙක් ලාබ අපේක්ෂා පෙරටු කරගත් හරසුන් නිර්මාන වෙද්දී, වෙනස්ම ආකාරයේ සංවේදී අරුත්බර ගීයක් අසන්න ලැබුනා. යමුනා මාලිනී පෙරේරා තමන් හමුවට පැමිනි එක්තරා පුද්ගලයෙකුගේ පෞද්ගලික අත්දැකීමක් ඉතා අපූරුවට ගීයක් බවට පරිවර්තනය කර රෝහන වීරසින්හයන්ගේ තනුවට අප වෙත ගෙනවිත් තිබෙනවා.
මම මේ ගීතයේ දකින ලොකුම වෙනස, එහි සම්පූර්ණ අරුත ඉතාමත් වෙනස් ආකාරයේ මාතෘකාවක් යටතේ ඉදිරිපත් වීමයි. විවාහයෙන් වසර ගනනාවකට පසුව, තම ලෙයින් උපන් දරුවන් නොමැති වේදනාවෙන් සිතින් වැලපෙන පියෙකුගේ දුක, දොම්නස මේ ආකාරයෙන් හුවා දැක්වූ ගීතයක් සිංහල සංගීතයේ මම අසා නැත.
ඔබත් ජීවිතයට කිසියම් අවස්ථාවක මෙවැනි අත්දැකීමට මුහුන දී ඇත්නම් මේ ගීයේ අරුත ඔබව හඞවනු නියතයි. ඔබට මේ අත්දැකීම නුහුරු වුවත්, මෙවන් ප්‍රශ්න උරුම කරගත් දහසක් දෙනාගේ සිතුවිලි වල සිට මේ ගීය අත්විදින්න.. ඔබෙ සිත සසල වනු ඇත.



කිරිකැටියානනි මිහිරී.
සිත යට හිදිනා ඇහැරී
අප හමුනොවුනා සැබැවී
දුක ඉවසාගෙන හිදිමී..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

නැලවිල්ලේ ගී පාලු රෑ පුරා
ගැයුවා ඇසුනිද මා සිතේ
මව් කුස තුල නොව මා සිත තුල නුඹ
පිළිසිඳ ගත්තේ ඇයි පුතේ...

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

සුළැගිල්ලේ මා එල්ලී එනු මැන
සංසාරේ මතකේ දිගේ
දායාදය ලෙස නුඹටම දෙන්නම්
රත්තරනේ මගෙ ජීවිතේ..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

Download and listen