Tuesday, December 27, 2011

සිංහල සංගීතයේ 80-90 දශකය නැවත සොයා යාම

මීට වසරකට පමණ ඉහතදී භාතිය-සන්තුෂ් විසින් "මා හඩවලා" ගීතය ප්‍රතිනිර්මාණය කල විට බොහෝ තරුණ පිරිස් එය භාතිය-සන්තුෂ් දෙපලගේ තවත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක් යැය් සලකා උදම් අනන්නට විය. 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල උපන්, අද දවස පුරා තොර තෝංචියක් නැතුව අපට ඇසෙන නව පන්නයේ සිංහල ගීත රසිකයින් නොදන්නා ඒ අපූරු ගීත 90 දශකයේ නිමවුම්ය.
80 දශකයේ අග එතෙක් සිංහල සංගීතය ගමන් කල සාම්ප්‍රදායික රටාව වෙනස් කල සිදුවීමක් විය. ඒ රූකාන්ත ගුණතිලක ආගමනයය්. රූකාන්ත එතෙක් පැවතුනු සංගීත රටාව උඩු යටිකුරු කළා යයි කිවහොත් නිවැරදිය. බඹර පහස කැසට් පටය (එකල C.D නොතිබුණි) නොතිබුණු නිවසක්, නොඅසූ කෙනෙක් නොසිටියා යැය් කිවහොත් එය අතිශයෝක්තියක් නොවන තරමට එය ජනප්‍රිය විය. රූකාන්ත තම ගී නිර්මාණ සදහා වෙනස් තනු හා ස්වර පරාස උපයෝගී කරගත්තේය. මෙය ප්‍රබල වෙනසක් විය.
අද මෙන් පරිගණක භාවිත සංගීත නිර්මාණ නොව, සියලුම ගීත වාදන භාණ්ඩ උපයෝගී කොටගෙන, සියලුම වාදන භාණ්ඩ වල හඩ ඇසෙන පරිදි නිමවූ ඒ ගීත සැබවින්ම වෙනසක් ඇති කළේය. මේ ඇතිවෙමින් තිබූ වෙනසට රුකුලක් වෙමින් සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම නන්ස්ටොප් සංගීතය නව මානයකට රැගෙන ගියේ 80 දශකයේ අගදී එළිදුටු තම සංගීත සලාදේ කැසට් පටය හරහාය. මෙය එවකට ප්‍රබල විවේචනයන්ට බදුන්වුවත් අද ඇසෙන නොනවතින ගී සමග සසදන විට, බොහෝ නිර්මාණාත්මක විය. රූකාන්තගේ ආගමනය සමග ඔහුගේ සම්ප්‍රදාය අනුව යමින් තවත් පිරිස් කල එලි බසින්නට විය. මේ අතර 90 දශකයේ මුල් භාගයේ එක් රැයකින් රට පුරා ඉමහත් ජනප්‍රියත්වයකට පත් නාමල් උඩුගම සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ "සමුගන්නේ නැ" ප්‍රථම කැසට් පටය අතිශයින් ජනප්‍රිය විය. එම කැසට් පටයේ 10 වන ගීතය වුයේ අද වනවිට ඉමහත් ජනප්‍රියත්වයක පත්ව ඇති " රෑ සිහිනේ ඔබ ලග මා" ගීතයයි.
මීටත් කලින් 80 දශකයේ අග භාගය තුල ආත්මා ලියනගේ තම ප්‍රථම ගීත එකතුව වූ "ලිය තඹරා" හරහා ඉමහත් ජනප්‍රසාදයක් හිමි කරගෙන තිබුණි. ඔහුගේ දෙවෙනි කැසට් පටය වූ "මල් සුවඳ" නාමල් උඩුගමගේ "සමුගන්නේ නෑ" සමග සමාන්තරව රසිකයින් අතර ජනප්‍රිය විය. මෙලෙස රූකාන්ත, ආත්මා, නාමල් අතිශය ජනාදරයට පත් වෙද්දී, රූකාන්ත ගීතරචනයට හා සංගීත/තනු නිමවා නව පරපුරක් බිහි කිරීමට දායක වූයේද 90 දශකයේ මුල් භාගය තුළදීමය. එලෙස රූකාන්ත විසින් කරලියට එක් කල තරුවක් වූයේ, "සුදු මීදුම" කැසට් පටයෙන් ජනප්‍රියත්වයට පත් ග්‍රේෂන් ජයමහ යි. ඔහු එම කැසට් පටයට ගැයූ "මා හඩවලා" ගීතය වර්තමානයේ භාතිය-සන්තුෂ් දෙපල විසින් නැවත ගයමින් සිටී. මේ අතරේ නිහඩව සිංහල සංගීතයට ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටි ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ ගායන තරු රැසක් බිහි වන්නට විය. එහි ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ "සඳ කුමාරියක්" කැසට් පටයෙන් ජනාදරයට පත් ප්‍රින්ස් උදය ප්‍රියන්තයි. ඔහුට පසුව චන්දන ලියනාරච්චි, විජය බණ්ඩාර වැලිතුඩුව ජාතික තරුණ සේවා සභාව හරහා එලිබට ගායකයින් විය.
මෙලෙස වෙනස්ම ආකාරයේ සංගීත සම්ප්‍රදායක් සිංහල සංගීතයට එක් කිරීමට 80 දශකයේ අග භාගයේ හා 90 දශකයේ බිහි වූ ගායන ශිල්පීන්ට හැකිවිය.එවකට පාසල් සිසුන් වූ අප අතර නිතර මුවරැඳුනේ මෙම ගීතයි. පසු කාලීනව මෙම ගී සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වන්නට වූයේ මේවා බොළඳ බංකොලොත් නිර්මාණ ලෙස ගැරහුමට ලක්වෙමිනි. මෙම ගීත අසන විට මේවා තුට්ටු දෙකේ තුන්වන පන්තියේ ගී ලෙස හාදින්වූහ.
නමුත් කාලය කෙතරම් වෙනස් වී ඇද්ද? එදා ග්‍රේෂන් ජයමහ මා හඩවලා ගීතය ගයන විට, වර්තමානයේ මෙන් ට.වී, රේඩියෝ හරහා බලහත්කාරයෙන් ගීත ශ්‍රවනය නොකරන විට, කැසට් පටයක් හරහා එම ගීත ඇසු අපට සිනාසුනු උන්ම, අද භාතිය-සන්තුෂ් එම ගීතය සාද, ප්‍රසංග වල ගයනවිට අසීමිත ප්‍රතිචාරයක් දක්වති. නාමල් අඬන ගීත කියනවා යයි කියූ aඅයම, ශිහාන් මිහිරංග "රෑ සිහිනේ" ගීතය ගයනවිට උමතු වී සිටිති.

හරසුන් වචන, තාලයක් නැති, එහෙත් ගීතය මැද්දෙන් රැප් කොටස් එකතුකළ අද ඇසෙන බොහෝ ගීතයැය් කියාගන්නා ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා සමහරු එදා80-90 දශකයේ නිමවූ රූකාන්ත, ආත්මා, නාමල් සම්ප්‍රදායට ගරහන්නේ තමන්ගේ සිත තුල ඇති පටු පන්ති ගැටළුවක් නිසා යැය් මට හැගේ.

Saturday, August 7, 2010

කලකින් ඇසූ අරුත්බර සංවේදී ගීයක්

අද එලිදකින බොහෝ ගීත හුදෙක් ලාබ අපේක්ෂා පෙරටු කරගත් හරසුන් නිර්මාන වෙද්දී, වෙනස්ම ආකාරයේ සංවේදී අරුත්බර ගීයක් අසන්න ලැබුනා. යමුනා මාලිනී පෙරේරා තමන් හමුවට පැමිනි එක්තරා පුද්ගලයෙකුගේ පෞද්ගලික අත්දැකීමක් ඉතා අපූරුවට ගීයක් බවට පරිවර්තනය කර රෝහන වීරසින්හයන්ගේ තනුවට අප වෙත ගෙනවිත් තිබෙනවා.
මම මේ ගීතයේ දකින ලොකුම වෙනස, එහි සම්පූර්ණ අරුත ඉතාමත් වෙනස් ආකාරයේ මාතෘකාවක් යටතේ ඉදිරිපත් වීමයි. විවාහයෙන් වසර ගනනාවකට පසුව, තම ලෙයින් උපන් දරුවන් නොමැති වේදනාවෙන් සිතින් වැලපෙන පියෙකුගේ දුක, දොම්නස මේ ආකාරයෙන් හුවා දැක්වූ ගීතයක් සිංහල සංගීතයේ මම අසා නැත.
ඔබත් ජීවිතයට කිසියම් අවස්ථාවක මෙවැනි අත්දැකීමට මුහුන දී ඇත්නම් මේ ගීයේ අරුත ඔබව හඞවනු නියතයි. ඔබට මේ අත්දැකීම නුහුරු වුවත්, මෙවන් ප්‍රශ්න උරුම කරගත් දහසක් දෙනාගේ සිතුවිලි වල සිට මේ ගීය අත්විදින්න.. ඔබෙ සිත සසල වනු ඇත.



කිරිකැටියානනි මිහිරී.
සිත යට හිදිනා ඇහැරී
අප හමුනොවුනා සැබැවී
දුක ඉවසාගෙන හිදිමී..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

නැලවිල්ලේ ගී පාලු රෑ පුරා
ගැයුවා ඇසුනිද මා සිතේ
මව් කුස තුල නොව මා සිත තුල නුඹ
පිළිසිඳ ගත්තේ ඇයි පුතේ...

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

සුළැගිල්ලේ මා එල්ලී එනු මැන
සංසාරේ මතකේ දිගේ
දායාදය ලෙස නුඹටම දෙන්නම්
රත්තරනේ මගෙ ජීවිතේ..

පුතේ නුඹට මේ කාලයයි එන්න
අපේ කඳුලු දැක බාලොලී ගයන්න ..

Download and listen

Friday, February 12, 2010

රෑ වැඩ මුරය - Sunil Edirisinghe - Guitar Chords

දිවි මග සරි කරගනු වස් අනන්ත දුක් දෝමනස්සයන්ට මුහුන දෙමින් වෙළද කලාප වල රැකියාවේ නිරතවන අපේම සහෝදරියන් ගැන බන්දුල නානයක්කරවසම් නම්වූ ගී පද නිමවුම්කරු විසින් රචිත, ශ්‍රේෂ්ඪ සංගීතවේදී රෝහණ වීරසිංහයන් තනු මුසු කල මේ ගීතය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද්දක්



Dminor 3/4

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුනු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සද අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට....

තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ...

රෑ වැඩ මුරය....

නුඹෙ කදුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක්වී හමන්නේ
තනිනොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇදුමද නුඹේ ජීවිතයද මහන්නේ...

Intro/inter
----------------

| Dm | - | - | - |
| G | C | Dm | - |
| G | G7 | Am | Dm |

Chorus
------------

| Dm | - | C | Dm |
| G | G7 | Dm | - |
| G | - | - | C |
| Dm | - | - | - |
| - | G | Dm | - |
| G | G7 | - | - |
| G | - | - | - |
| Dm | - | - | - |

Verse
---------

| Dm | - | - | - |
| G | - | - | - |
| - | - | - | - |
| C | Dm | - | - |
| Dm | - | - | - |
| G | - | - | - |
| Dm | - | G | C |
| Dm | - | - | - |

Sunday, February 7, 2010

දම් පාට හැන්දෑවේ - Sachin, Rakhitha, Eranga - Guitar chords

ගොඩාක් කලකට පස්සේ සුපුරුදු පරිදි ලස්සන සිංහල ගීතයක නිවැරදි (මට හිතෙන හැටියට 100% නිවැරදී) ගිටාර් කෝඩ්ස් ඔබ වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. මේ ගීතය අලුත් නිර්මානයක්.. සචින්, රකිත, එරංග තරුණ සංගීතවේදීන්ගේ නිමැවුමක්. මේ ගීතය ඈත රන් විමන් ගීතයේ වගේ එකම chords 4 ක් තමයි භාවිතා වෙන්නෙ. ඒක නිසා වාදනය කරන්න ගොඩක් පහසු වේවි.අහලා, play කරල බලන්න.. :)



සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී

හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී

සොදුරු සීතල යාමේ ...

අම්බරේ රන්දිර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබේ නෙත් ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ ...

නෙතු ඉමේ පායලා - එන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ

Melody - Ab minor 4/4


Start
Abm ... F#... E ... Abm

Chorus

[[[| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |]]]

Interlude

| Abm | E | - | Abm|
| Abm | F# | E | Abm|

Verse

| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |

Saturday, January 16, 2010

Facebook දේශපාලනයේ මධ්‍යස්ථ මතධාරීන්

Facebook දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න සිතුවත් අහන්න දකින්න ලැබෙන දේවල් බැලුවම නිහඩව ඉන්න එක මේ වෙලවෙ මෝඩකමක් කියල සිතුනා. 2010 ජනාධිපතිවරනයත් එක්ක Facebook එකේ ප්‍රධාන වශයෙන් වර්ග තුනක පිරිසක් හදුනගන්න පුලුවන්.
1. මහින්ද රාජපක්ශට සහය දක්වන්නන්
2. සරත් ෆොන්සේකාට සහය දක්වන්නන්
3. මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටින්නන්

පලවන හා දෙවන වර්ග දෙක ගැන විශේශ විවරනයක් අවශ්ය කියල මම හිතන්නෙ නෑ. ඔවුන් තමන්ගේ මතය වෙනුවෙන් නිවැරදිව පෙනී සිටිනව.. එත් සාකච්චාවට ලක් කල යුතු වන කොටස තමය් මෙ මධ්‍යස්ථ කියල කියාගන්න පිරිස.

මේ තුන්වන පිරිසේ හැසිරීම වෙන්කරලා හදුනගන්න පුලුවන්.

1. සමහරු මහින්දව විවේචනය කරනවා.. ගොබේල්ස් මූලදර්මය අනුව හදපු දූෂන චෝදනා ටික ගිරව් වගේ කියවනවා. කවුරුහරි ඒවාට විරුද්ධව තර්කයක් ගොඩනැගුවොත්, ක්ශනිකව අපක්ශපාතී වෙලා මග අරිනවා.
2. සමහරු මේ තීරනාත්මක අවස්ථාවෙ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කතා කරනවා. මැරිල ඉපදිල වගේ අමුතුම දේශ්නා දෙනව.
3. තවත් සමහර මධ්‍යස්ථ කියල කියගන්න අයට මහින්ද රාජපක්ශ හොරෙක්, එත් සරත් පොන්සේකගෙ හඉකොප් ගනුදෙනුව ගැන චෝදනා මඩ විතරයි.
4. සමහර මධ්‍යස්ථ අයට මහින්දගේ රැස්වීමකට සෙනග ආවොත් ඒ බත් පැකට් එකටයි, අරක්කු බෝතලෙටයි, එත් සරත් පොන්සේකගෙ කඩපොලක් අයිනෙ තියන රැස්වීමකට 5000 ක් ආවත් මහ ජන ගගක් ගැලුව කියල උදම් අනනව.
5. තවත් සමහරුන්ට මහින්ද වෙනුවෙන් එකතුවෙලා ඉන්න කලාකරුවො දූශිතයො, එත් පබා සරත් ගෙ වෙදිකවෙ ඉන්න එක හොදයි, පාරිශුද්දයි.
6. සමහරුන්ට නගර සභාවක සභාපති කෙනෙක් සරත් පොන්සේක ට සහය දෙන්න ආවත් එක මහා ලොකු ප්‍රවුර්තියක්.. ජන රැල්ල ගැන උදම් අනනව. එත්, ජොන්ස්ටන්, එස්.බී වගෙ යූ.එන්.පී දැවැන්තයින් මහින්දට සහය දෙන එක අවස්තාවාදීයි.
7. සමහරු මහින්ද ගෙ මාද්ය භාවිතය ගැන කිඹුල් කදුලු හෙලනවා. එත් ෆෙඩ්‍රිකා ජෑන්ස් ට සරත් පොන්සේකා සම්බන්ධ ලිපිය පලවුනායින් පස්සෙ සිදුවුනු දේවල්, ලංකාදීපෙ දයාසීලි ලියනගේ සම්බන්දන්ල එක්ක ගහපු ගිවිසුම් ගැන ලිව්වයින් පස්සෙ රස්සවෙනුත් අයින් වෙන්න සිදුවුනු දෙවල් ගැන කටක් අරින්නේ නෑ.
8. සමහර මධ්‍යස්ථ නිරූපකයින්ට මහින්ද වටේ ඉන්න ඔක්කොම හොරු. සතොස ගිලපු අය, 2001-2004 යූ,එන්.පී ආන්ඩුව කාලෙ කෝප් වාර්තා වලට අනුව වැරදි කරුවො වුනු අය, රාජ්ය දේපල විකුනපු අය ඔක්කොම හොදයි.
9. මේ ඔක්කොමටත් වඩා සමහර මධ්‍යස්ථය කියල කියාගන්න පිරිස් පෙන්නන්න උත්සාහ කරන දෙයක් තමය් මහින්ද රාජපක්ශ ජනාධිපතිවරය අපිට රටක් ඉතුරු කරල දීම අවතක්සේරු කිරීම. ජාත්යන්තර බලපෑම් හමුවේ හිස නොනම, අනික් කිසිම රජ්ය පාලකයෙකුට කරන්න බැරිවුනු ලෙස තිස් වසරක යුද්දය අවසන් කිරීමෙ ගෞරවය එතුමාට ලබාදෙන්නවත් මේ මධ්‍යස්ථය් කියල කියාගන්න අය කැමති නෑ.

එතකොට මේ පිරිස් සැබවින්ම මධ්‍යස්ථද? නෑ. මේ බොහොමයක් පිරිස් තමන්ගෙ දෙශපාලන අදහස ප්‍රකාශකරන්න බයයි. ඒක හංගගෙන මධ්‍යස්ථ කියන තිරයට මුවවෙල ඉන්නව. විශේශයෙන්ම facebook වල ඉන්න සමහරු එල්.ටී.ටී.ඊයට විරුද්දව අවසන් මහා සටන පැවතුනු අවදියේ, එය අගය කොට එක වචනයක් වත් නොකියපු පිරිස්. අද ඔවුන් නැති ජාති ආලයකින් සරත් පොන්සෙක ගෙ ගුන වයනවා.
මම මේ පිරිස් හදුන්වන්නෙ මධ්‍යස්ථ නෙවි, දේශපාලන අවස්තාවදීන් හැටියටයි

Sunday, November 22, 2009

සරත් ෆොන්සේකාගේ "මම්යි පොර" මානසිකත්වය

2009 මැයි 18 වෙනිදා කොටි ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීමත් සමග තවත් බොහෝ පිරිසක් අපේක්ෂා භංගත්වයට පත්වුනා. ඒ අතරිනුත් ප්‍රමුඛස්ථානය ගන්නේ මහින්ද රාජපක්ෂ විරෝධීන්. ඔවුන්ට තිබුනු මූලිකම ප්‍රශ්නය වුනේ මෙ යුද ජයග්‍රහනය මහින්දගේ නායකත්වය යටතේ ලබාගත්තක් වීම නිසා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වසර ගනනාවකට අකුලා දැමීමට සිදුවීමයි. බොහෝ කැපුවත් කොල වර්ගයේ යූ.එන්.පී. කාරයින්, "අනේ ඉතින් අපේ ජීවිත කාලෙ ආපහු අලියගෙ ආන්ඩුවක් නම් දකින්න හම්බවෙන එකක් නෑ" කියල සුසුම් හෙලන්න ගත්තෙත් මෙ නිසයි.
තියන තියන ඡන්දෙ රනිල්ගෙ නායකත්වය යටතේ පරාජය වෙමින් යන එන මං නැතුව හිටපු රාජපක්ෂ විරොධීන් එක පාරටම ලොකු ආතල් එකක් ගන්න පටන් අරන් තියනවා. කවුද මේ ආතල් එක දෙන්න පටන් අරන් තියෙන්නෙ? වෙන කවුරුත් නොවේ, මහින්ද සේනාධිනායකයා ලෙස ත්‍රිවිධ හමුදවේ එක් අංශයක් වන පාබල හමුදවේ (යුද හමුදවේ) නායකත්වය භාරදුන් "සරත් ෆොන්සේකා"!

සරත් ෆොන්සේකා, ඔහුට ලැබුනු ශක්තිමත්, එඩිතර, දේශපාලන නායකත්වය හේතුවෙන් (ඔව්.. මහින්දගේ ශක්තිමත්, එඩිතර දේශපාලන නායකත්වය.. එහෙම එකක් නොතිබුනානම් සරත් ෆොන්සේකා කියන්නෙත් ලයනල් බලගල්ල, ජානක පෙරෙරා, ශාන්ත කෝට්ටෙගොඩ වගෙ විශ්‍රාමලත් යුද නිලදාරියෙක් විතරයි ) යුදමය කාර්යය සාර්තක අවසානයක් කරා ගෙන ගියා. ඇත්ත.. ඔහු වංචනික නොවී දැඩිව යුද හමුදාව මෙහෙයූවා.
ඒත් නිවැරදි දේශපාලන නායකත්වයක් නොතිබුනා නම් සරත් ෆොන්සේකා යුද්ද කරන්නෙ එයාගෙ ගෙදරින් ආයුධ ගෙනත්ද? මුලු මහත් ජාත්යාන්තරයම යුද්දෙ නවත්වන්න කියල අප්‍රමාන බලපෑම් කරද්දි එවා අති විශිෂ්ට ලෙස කලම්නාකරනය කලේ සරත් ෆොන්සේකගෙ අප්පොච්චිද? මෙන්න මෙතන තමයි සරත් ෆොන්සෙකාගෙ පැහදිලිම දුර්වල කම එලියට එන්නෙ. ඔහු හැම විටම සිතුවෙත්, සිතන්නෙත්, "මේ ඔක්කොම මගෙ වැඩ. මම තමයි මේ ඔක්කොම කලේ". මෙන්න මේ "මම තමයි පොර" මානසිකත්වය ඔහු යුද්ධය අවසානයෙදි අය්. ටී. එන් එකෙ තිබුනු සාකච්ඡාවකදිත් ලෝකෙටම පෙන්නුවා. එදා ඔහු කිව්වෙ, "අපි තමයි 99% ක් මෙක ඉවර කලෙ" නාවික හමුදාවෙයි, ගුවන් හමුදාවෙයි දායක්තවය හැමවිටම අවතක්සේරු කරන්නත් ඔහු පසුබට වුනේ නෑ.

මේ වගේ මානසිකත්වයක් තියන කොට රටක් විනාශ කරන්න බලන් ඉන්න, ජාති ද්‍රොහී, තමන්ටම "ගැලවීමෙ හමුදවෙ නායකත්වයටවත් සුදුසු නෑ" කියල අපහාස කරපු, කොටි එක්ක පොන්ගු තමිල් රැස්වීම් මෙහෙයවපු බලවේග සමග වුනත් එකතුවෙන්න ලැජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ ඔක්කොටම ඉහලින් ඔලුවෙ වැඩ කරන්නෙ, "මම පොර වෙමි.. යුද්දෙ කලෙත් මම තනියම.. එහෙව් මට රටේ ජනාධිපතිකම කජ්ජ්ක්ද.." කියන සිතිවිල්ලයි. හැබයි මේ ජෙනරාල් තමන් නොදන්න දේශපාලනයට ඇවිත්, තවමත් බහුතර ශ්‍රී ලාංකිකයින් ගරු කරන මහින්ද රාජපක්ශගෙන් අමතක නොවන පාඩමක් ඉදිරි ජනාධිපතිවරනයේදි ඉගන ගන්න බවට මෙන්න කැට..!

Saturday, October 17, 2009

Guitar chords - Miyuru pem madhirawe - Milton Mallawarachchi

Really cool song which was born during the golden era of sinhala music, 70th decade. This song has been included in "Nilla Soya" movie and sung by Milton mallawarachchi and Anjaline Goonathilake. Music/melody by Sarath Dassanayake.

miyuru pem madirawe nuhuru rasa denunawe
sathsare rewdidee purawanna ma desawan mihire
dethol pethi pubudhala piyum pehe wihidaala
denethehee nilminee.. lelawanna ma nalawa sodure..
miyuru pem madirawe...

hasarel amaa diye thisarun themee giye..//
ranwan lathawen inna lanwee
sudehiniye diwa reye...

miyuru pem...

kadu hel medin edee
emi adare soya...//
sihinen pethu se wasthuwak den
thiye denethe mage kiya...

dethol pethi...

miyuru pem....

Intro

| Gm | F | Eb | D |
[| Gm | - | Eb | - |
| D | - | Gm | - |]

Chorus

| Gm | - | - | - |
| Gm | - | F | - |
| - | - | - | Bb |
| - | F | Gm | - |

Inter 1

| Gm | - | Eb| - |
[|D | - | Gm | - |]
| Bb | - | Eb | - |
| D | - | Gm | - |

Verse
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | F | - |
| Bb | - | F | - |
| F | - | D | - |

Inter 2

| Gm | - | - | - |
| Gm | - | - | - |
| F | - | Gm | - |
| - | - | -| F |
| F | Gm | - | - |
| D | - | Gm | - |