Sunday, February 7, 2010

දම් පාට හැන්දෑවේ - Sachin, Rakhitha, Eranga - Guitar chords

ගොඩාක් කලකට පස්සේ සුපුරුදු පරිදි ලස්සන සිංහල ගීතයක නිවැරදි (මට හිතෙන හැටියට 100% නිවැරදී) ගිටාර් කෝඩ්ස් ඔබ වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. මේ ගීතය අලුත් නිර්මානයක්.. සචින්, රකිත, එරංග තරුණ සංගීතවේදීන්ගේ නිමැවුමක්. මේ ගීතය ඈත රන් විමන් ගීතයේ වගේ එකම chords 4 ක් තමයි භාවිතා වෙන්නෙ. ඒක නිසා වාදනය කරන්න ගොඩක් පහසු වේවි.අහලා, play කරල බලන්න.. :)



සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී

හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී

සොදුරු සීතල යාමේ ...

අම්බරේ රන්දිර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබේ නෙත් ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ ...

නෙතු ඉමේ පායලා - එන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ

Melody - Ab minor 4/4


Start
Abm ... F#... E ... Abm

Chorus

[[[| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |]]]

Interlude

| Abm | E | - | Abm|
| Abm | F# | E | Abm|

Verse

| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |

No comments: