Sunday, November 22, 2009

සරත් ෆොන්සේකාගේ "මම්යි පොර" මානසිකත්වය

2009 මැයි 18 වෙනිදා කොටි ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීමත් සමග තවත් බොහෝ පිරිසක් අපේක්ෂා භංගත්වයට පත්වුනා. ඒ අතරිනුත් ප්‍රමුඛස්ථානය ගන්නේ මහින්ද රාජපක්ෂ විරෝධීන්. ඔවුන්ට තිබුනු මූලිකම ප්‍රශ්නය වුනේ මෙ යුද ජයග්‍රහනය මහින්දගේ නායකත්වය යටතේ ලබාගත්තක් වීම නිසා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වසර ගනනාවකට අකුලා දැමීමට සිදුවීමයි. බොහෝ කැපුවත් කොල වර්ගයේ යූ.එන්.පී. කාරයින්, "අනේ ඉතින් අපේ ජීවිත කාලෙ ආපහු අලියගෙ ආන්ඩුවක් නම් දකින්න හම්බවෙන එකක් නෑ" කියල සුසුම් හෙලන්න ගත්තෙත් මෙ නිසයි.
තියන තියන ඡන්දෙ රනිල්ගෙ නායකත්වය යටතේ පරාජය වෙමින් යන එන මං නැතුව හිටපු රාජපක්ෂ විරොධීන් එක පාරටම ලොකු ආතල් එකක් ගන්න පටන් අරන් තියනවා. කවුද මේ ආතල් එක දෙන්න පටන් අරන් තියෙන්නෙ? වෙන කවුරුත් නොවේ, මහින්ද සේනාධිනායකයා ලෙස ත්‍රිවිධ හමුදවේ එක් අංශයක් වන පාබල හමුදවේ (යුද හමුදවේ) නායකත්වය භාරදුන් "සරත් ෆොන්සේකා"!

සරත් ෆොන්සේකා, ඔහුට ලැබුනු ශක්තිමත්, එඩිතර, දේශපාලන නායකත්වය හේතුවෙන් (ඔව්.. මහින්දගේ ශක්තිමත්, එඩිතර දේශපාලන නායකත්වය.. එහෙම එකක් නොතිබුනානම් සරත් ෆොන්සේකා කියන්නෙත් ලයනල් බලගල්ල, ජානක පෙරෙරා, ශාන්ත කෝට්ටෙගොඩ වගෙ විශ්‍රාමලත් යුද නිලදාරියෙක් විතරයි ) යුදමය කාර්යය සාර්තක අවසානයක් කරා ගෙන ගියා. ඇත්ත.. ඔහු වංචනික නොවී දැඩිව යුද හමුදාව මෙහෙයූවා.
ඒත් නිවැරදි දේශපාලන නායකත්වයක් නොතිබුනා නම් සරත් ෆොන්සේකා යුද්ද කරන්නෙ එයාගෙ ගෙදරින් ආයුධ ගෙනත්ද? මුලු මහත් ජාත්යාන්තරයම යුද්දෙ නවත්වන්න කියල අප්‍රමාන බලපෑම් කරද්දි එවා අති විශිෂ්ට ලෙස කලම්නාකරනය කලේ සරත් ෆොන්සේකගෙ අප්පොච්චිද? මෙන්න මෙතන තමයි සරත් ෆොන්සෙකාගෙ පැහදිලිම දුර්වල කම එලියට එන්නෙ. ඔහු හැම විටම සිතුවෙත්, සිතන්නෙත්, "මේ ඔක්කොම මගෙ වැඩ. මම තමයි මේ ඔක්කොම කලේ". මෙන්න මේ "මම තමයි පොර" මානසිකත්වය ඔහු යුද්ධය අවසානයෙදි අය්. ටී. එන් එකෙ තිබුනු සාකච්ඡාවකදිත් ලෝකෙටම පෙන්නුවා. එදා ඔහු කිව්වෙ, "අපි තමයි 99% ක් මෙක ඉවර කලෙ" නාවික හමුදාවෙයි, ගුවන් හමුදාවෙයි දායක්තවය හැමවිටම අවතක්සේරු කරන්නත් ඔහු පසුබට වුනේ නෑ.

මේ වගේ මානසිකත්වයක් තියන කොට රටක් විනාශ කරන්න බලන් ඉන්න, ජාති ද්‍රොහී, තමන්ටම "ගැලවීමෙ හමුදවෙ නායකත්වයටවත් සුදුසු නෑ" කියල අපහාස කරපු, කොටි එක්ක පොන්ගු තමිල් රැස්වීම් මෙහෙයවපු බලවේග සමග වුනත් එකතුවෙන්න ලැජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ ඔක්කොටම ඉහලින් ඔලුවෙ වැඩ කරන්නෙ, "මම පොර වෙමි.. යුද්දෙ කලෙත් මම තනියම.. එහෙව් මට රටේ ජනාධිපතිකම කජ්ජ්ක්ද.." කියන සිතිවිල්ලයි. හැබයි මේ ජෙනරාල් තමන් නොදන්න දේශපාලනයට ඇවිත්, තවමත් බහුතර ශ්‍රී ලාංකිකයින් ගරු කරන මහින්ද රාජපක්ශගෙන් අමතක නොවන පාඩමක් ඉදිරි ජනාධිපතිවරනයේදි ඉගන ගන්න බවට මෙන්න කැට..!

6 comments:

Priyantha said...

Sarath witharak newei, Basil, Gottabaya, Mahinda, sinhala janathawatame oya pora manasikathwaya gahuwa. ema nisane sathi gannan kiribath kawe.

http://bumuthurunu.wordpress.com/2009/10/20/%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%9D-%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%9D-%E0%B6%B6/

Priyantha said...

http://w3lanka.blogspot.com/2009/11/blog-post_3613.html

Priyantha said...

http://w3lanka.blogspot.com/2009/11/blog-post_5747.html

Priyantha said...

http://taboosubjects.wordpress.com/2009/11/23/01-29/

Priyantha said...

http://beyondframe.wordpress.com/2009/11/14/9n141/

Priyantha said...

http://www.lankanewsweb.com/Sinhala/Feature/FEATURE_09_11_29_001.html