Saturday, January 16, 2010

Facebook දේශපාලනයේ මධ්‍යස්ථ මතධාරීන්

Facebook දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න සිතුවත් අහන්න දකින්න ලැබෙන දේවල් බැලුවම නිහඩව ඉන්න එක මේ වෙලවෙ මෝඩකමක් කියල සිතුනා. 2010 ජනාධිපතිවරනයත් එක්ක Facebook එකේ ප්‍රධාන වශයෙන් වර්ග තුනක පිරිසක් හදුනගන්න පුලුවන්.
1. මහින්ද රාජපක්ශට සහය දක්වන්නන්
2. සරත් ෆොන්සේකාට සහය දක්වන්නන්
3. මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටින්නන්

පලවන හා දෙවන වර්ග දෙක ගැන විශේශ විවරනයක් අවශ්ය කියල මම හිතන්නෙ නෑ. ඔවුන් තමන්ගේ මතය වෙනුවෙන් නිවැරදිව පෙනී සිටිනව.. එත් සාකච්චාවට ලක් කල යුතු වන කොටස තමය් මෙ මධ්‍යස්ථ කියල කියාගන්න පිරිස.

මේ තුන්වන පිරිසේ හැසිරීම වෙන්කරලා හදුනගන්න පුලුවන්.

1. සමහරු මහින්දව විවේචනය කරනවා.. ගොබේල්ස් මූලදර්මය අනුව හදපු දූෂන චෝදනා ටික ගිරව් වගේ කියවනවා. කවුරුහරි ඒවාට විරුද්ධව තර්කයක් ගොඩනැගුවොත්, ක්ශනිකව අපක්ශපාතී වෙලා මග අරිනවා.
2. සමහරු මේ තීරනාත්මක අවස්ථාවෙ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කතා කරනවා. මැරිල ඉපදිල වගේ අමුතුම දේශ්නා දෙනව.
3. තවත් සමහර මධ්‍යස්ථ කියල කියගන්න අයට මහින්ද රාජපක්ශ හොරෙක්, එත් සරත් පොන්සේකගෙ හඉකොප් ගනුදෙනුව ගැන චෝදනා මඩ විතරයි.
4. සමහර මධ්‍යස්ථ අයට මහින්දගේ රැස්වීමකට සෙනග ආවොත් ඒ බත් පැකට් එකටයි, අරක්කු බෝතලෙටයි, එත් සරත් පොන්සේකගෙ කඩපොලක් අයිනෙ තියන රැස්වීමකට 5000 ක් ආවත් මහ ජන ගගක් ගැලුව කියල උදම් අනනව.
5. තවත් සමහරුන්ට මහින්ද වෙනුවෙන් එකතුවෙලා ඉන්න කලාකරුවො දූශිතයො, එත් පබා සරත් ගෙ වෙදිකවෙ ඉන්න එක හොදයි, පාරිශුද්දයි.
6. සමහරුන්ට නගර සභාවක සභාපති කෙනෙක් සරත් පොන්සේක ට සහය දෙන්න ආවත් එක මහා ලොකු ප්‍රවුර්තියක්.. ජන රැල්ල ගැන උදම් අනනව. එත්, ජොන්ස්ටන්, එස්.බී වගෙ යූ.එන්.පී දැවැන්තයින් මහින්දට සහය දෙන එක අවස්තාවාදීයි.
7. සමහරු මහින්ද ගෙ මාද්ය භාවිතය ගැන කිඹුල් කදුලු හෙලනවා. එත් ෆෙඩ්‍රිකා ජෑන්ස් ට සරත් පොන්සේකා සම්බන්ධ ලිපිය පලවුනායින් පස්සෙ සිදුවුනු දේවල්, ලංකාදීපෙ දයාසීලි ලියනගේ සම්බන්දන්ල එක්ක ගහපු ගිවිසුම් ගැන ලිව්වයින් පස්සෙ රස්සවෙනුත් අයින් වෙන්න සිදුවුනු දෙවල් ගැන කටක් අරින්නේ නෑ.
8. සමහර මධ්‍යස්ථ නිරූපකයින්ට මහින්ද වටේ ඉන්න ඔක්කොම හොරු. සතොස ගිලපු අය, 2001-2004 යූ,එන්.පී ආන්ඩුව කාලෙ කෝප් වාර්තා වලට අනුව වැරදි කරුවො වුනු අය, රාජ්ය දේපල විකුනපු අය ඔක්කොම හොදයි.
9. මේ ඔක්කොමටත් වඩා සමහර මධ්‍යස්ථය කියල කියාගන්න පිරිස් පෙන්නන්න උත්සාහ කරන දෙයක් තමය් මහින්ද රාජපක්ශ ජනාධිපතිවරය අපිට රටක් ඉතුරු කරල දීම අවතක්සේරු කිරීම. ජාත්යන්තර බලපෑම් හමුවේ හිස නොනම, අනික් කිසිම රජ්ය පාලකයෙකුට කරන්න බැරිවුනු ලෙස තිස් වසරක යුද්දය අවසන් කිරීමෙ ගෞරවය එතුමාට ලබාදෙන්නවත් මේ මධ්‍යස්ථය් කියල කියාගන්න අය කැමති නෑ.

එතකොට මේ පිරිස් සැබවින්ම මධ්‍යස්ථද? නෑ. මේ බොහොමයක් පිරිස් තමන්ගෙ දෙශපාලන අදහස ප්‍රකාශකරන්න බයයි. ඒක හංගගෙන මධ්‍යස්ථ කියන තිරයට මුවවෙල ඉන්නව. විශේශයෙන්ම facebook වල ඉන්න සමහරු එල්.ටී.ටී.ඊයට විරුද්දව අවසන් මහා සටන පැවතුනු අවදියේ, එය අගය කොට එක වචනයක් වත් නොකියපු පිරිස්. අද ඔවුන් නැති ජාති ආලයකින් සරත් පොන්සෙක ගෙ ගුන වයනවා.
මම මේ පිරිස් හදුන්වන්නෙ මධ්‍යස්ථ නෙවි, දේශපාලන අවස්තාවදීන් හැටියටයි

6 comments:

Priyantha said...

etha kota uba mona patheda?

Charitha said...

Priyantha,
mama mahindage peththe.

Manjula said...

great blog Charitha ayya !

Unknown said...

I also agree with u Charas!

Lahiru Sandakith Gallege said...

ela ela ..

Waruna said...

well said..