Friday, February 12, 2010

රෑ වැඩ මුරය - Sunil Edirisinghe - Guitar Chords

දිවි මග සරි කරගනු වස් අනන්ත දුක් දෝමනස්සයන්ට මුහුන දෙමින් වෙළද කලාප වල රැකියාවේ නිරතවන අපේම සහෝදරියන් ගැන බන්දුල නානයක්කරවසම් නම්වූ ගී පද නිමවුම්කරු විසින් රචිත, ශ්‍රේෂ්ඪ සංගීතවේදී රෝහණ වීරසිංහයන් තනු මුසු කල මේ ගීතය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද්දක්



Dminor 3/4

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුනු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සද අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට....

තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ...

රෑ වැඩ මුරය....

නුඹෙ කදුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක්වී හමන්නේ
තනිනොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇදුමද නුඹේ ජීවිතයද මහන්නේ...

Intro/inter
----------------

| Dm | - | - | - |
| G | C | Dm | - |
| G | G7 | Am | Dm |

Chorus
------------

| Dm | - | C | Dm |
| G | G7 | Dm | - |
| G | - | - | C |
| Dm | - | - | - |
| - | G | Dm | - |
| G | G7 | - | - |
| G | - | - | - |
| Dm | - | - | - |

Verse
---------

| Dm | - | - | - |
| G | - | - | - |
| - | - | - | - |
| C | Dm | - | - |
| Dm | - | - | - |
| G | - | - | - |
| Dm | - | G | C |
| Dm | - | - | - |

1 comment:

Unknown said...

i always read your blog, its great, and this song is my favorite, thank you for the posting the chords, if you can , can you please post the chords for ra pal rakina kurahan pahena hene, by abewardana balasuriya, i think that song is also nice, thanks in advance