Saturday, December 13, 2008

සිංහල පත්තර සහ ඉරිදා දිවයින

පසුගිය දවස් වල එක දිගටම WSO2 Carbon release එකට වැඩ කරල පොඩි විවේකයක් හම්බවුනා. අපේ අලුත්ම product එක ගැන ගොඩක් විස්තර මගෙ technical blog එකෙන් බලාගන්න පුලුවන්. මේ කියන්න හදන්නෙ ඒක ගැන නෙවි.
ඉරිදා දිවයින පත්තරේ ගොඩක් කාලෙකට පස්සෙ කියෙව්වා. තවමත් දිවයින තමන්ගෙ ජාතික මෙහෙවර වෙනද වගේම කරගෙන යන ආකාරය අනර්ඝයි. දිවයින පත්තරේ හැමදාම කොටි ත්‍රස්තවාදයට විරුද්ද්ව නිර්භයව තම අදහස ප්‍රකාශ කලා. බහුතරයක් ජාතික කියලා කියගන්න පත්තර තරගයට වගේ කොටින්ට කඩෙ යන කාලයකත් දිවයින රට වෙනුවෙන් පෙනී සිටියා. එකෙදි ඔවුන් පක්ශ පාට බැලුවෙ නෑ. ජාතික මතවාදය වෙනුවෙන් අවන්කව පෙනී සිටියා. ජාතික මතවාදය හා ජාතිවාදය අතරෙ වෙනස රටට ගෙන යන්න වේදිකාවක් වුනා.
තමන් උපන් රටට ද්‍රෝහී වෙන ජාති භ්‍රශ්ටයින් දිවයිනේ දැඩි ප්‍රහාරවලට ලක්වුනා. ඒක අනිවාර්යෙන්ම මාද්යකින් වියයුතු වගකීමක් හැටියටයි මම දකින්නෙ.
දිවයින.. ඔහොම යන්...!

No comments: